*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 08/22

01. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සිංගප්පූරු නිල සංචාරයේදී සිංගප්පූරුවේ ජනාධිපතිනි හලීමා යාකොබ්, ආරක්ෂක අමාත්‍ය ආචාර්ය න්ග් එන්ග් හෙන් (Dr. Ng Eng Hen) සහ තිරසාරභාවය හා පරිසර පිළිබඳ අමාත්‍ය ග්‍රේස් ෆු හායි යින් (Grace FU Hai Yien) යන අය හමුවෙයි: ආහාර සුරක්ෂිතතාව, පුනර්ජනනීය බලශක්තිය, කලාපීය ආර්ථික සහයෝගීතාව, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සිංගප්පූරු බලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි.

02. පවතින වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මතුව ඇති ජල හිඟය නිසා ජලය බෙදා හැරීමේ සේවාවන් තීව්‍ර කිරීමට සක්‍රියව කටයුතු කරන බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි: අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන රෝහල් සහ සමාජ සේවා ආයතන කෙරෙහි මූලික අවධානය යොමු කරමින් රට පුරා ජලය බෙදා හැරීම සඳහා බවුසර් 100 කට ආසන්න ප්‍රමාණයක් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය විසින් යොදවා ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදත්ත රණසිංහ පවසයි: වියළි කාලගුණයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 15 ක පුද්ගලයන් 202,500 ක් පමණ මේ වන විට මෙම සේවාවෙන් ප්‍රතිලාභ ලබා ඇති බව ද පවසයි.

03. ශ්‍රී ලංකාව 2021 සැප්තැම්බර් මස බංග්ලාදේශයෙන් ලබාගත් ඇ.ඩො. මිලියන 200 ක ණය මුදලේ පළමු වාරිකය ලෙස ඇ.ඩො. මිලියන 50 පියවයි: මීට අදාළ පළමු වාරිකය අගෝස්තු 17 වන දින ශ්‍රී ලංකාව විසින් ගෙවා දැමූ බවත්, අගෝස්තු 30 වන දින වන විට තවත් වාරිකයක් ගෙවනු ඇතැයි අපේක්ෂා කරන බවත් බංග්ලාදේශ බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රකාශක ම්ඩ් මෙස්බා් හේඛ් (Md Mezbaul Haque) පවසයි: 2023 සැප්තැම්බර් වන විට සමස්ත ඇ.ඩො. මිලියන 200 ආපසු ගෙවා දමනු ඇති බවට අපේක්ෂා කරයි.

04. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) විසින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 ජූලි මස 4.6% දක්වා පහත වැටේ: 2023 ජූනි මාසයේදී වාර්තා වූ 10.8% හා සසඳන විට එම අගය අඩු වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය: ආහාර උද්ධමනය ජූනි මස වාර්තා වූ 2.5% සිට ජූලි වන විට -2.5% දක්වා අඩු වේ: ආහාර නොවන උද්ධමනය ජූනි මස වාර්තා වූ 18.3% සිට ජූලි වන විට 10.9% දක්වා පහත වැටී ඇත.

05. ඉකුත් සතියට සාපේක්ෂව සඳු දින වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි: ගැනුම් මිල ඉකුත් සිකුරාදා පැවති රු. 316.28 සිට රු. 316.72 දක්වා ඉහළට; විකුණුම් මිල රු. 329.49 සිට රු. 329.59 දක්වා ඉහළට.

06. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් යුත් මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යාන්ත්‍රණ සොයා බැලීමට සහ හඳුනා ගැනීමට පත් කළ තේරීම් කාරක සභාව මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරයි: ශ්‍රී ලංකා පොලිසිය, ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ දුම්කොළ සහ මධ්‍යසාර ජාතික අධිකාරිය කමිටුව හමුට කැඳවයි: මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

07. හඳුනා නොගත් රෝගයක් මත ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ: ආසාදනයේ ස්වභාවය හඳුනා ගැනීමට මේ වන විට පරීක්ෂණ සිදුකරන අතර, ආරක්ෂක පියවරක් ලෙස බන්ධනාගාර පරිශ්‍රය තුළ සිටින සියලුම පුද්ගලයන් මුහුණු ආවරණ පළඳින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

08. ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කලමනාකාරීත්වයේ උසස්වීම් සඳහා විදුලිබල අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචනා විජේසේකර විදුලිබල මණ්ඩලයට උපදෙස් දෙයි: විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරිනියක ඈ විශ්‍රාම යාමට දිනකට පෙර විදුලිබල මණ්ඩලය විසින් උසස් කර ඇති බවට පළ වූ වාර්තා මත අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබා දී ඇත: විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, බලශක්ති උත්පාදන සැලසුම්, වත්කම් කලමනාකරණය, පරිපාලන හා මෙහෙයුම් වියදම් අඩු කිරීම සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව ද සාකච්ඡා කළ බව අමාත්‍යවරයා පවසයි.

09. වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මාතලේ වතුයායක නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි: ඊට ප්‍රතිචාර දක්වමින්, දෙමස් වයසැති බිළිඳු දරුවකු ද සමඟ දිළිඳු වතු කම්කරු පවුලක් ප්‍රචණ්ඩකාරී සහ නීති විරෝධී අන්දමින් එම වතුයායෙන් පළවා හැරීමට එම වතුයායේ සහකාර කලමනාකාරවරයකු කටයුතු කර තිබීමට අදාළව වහා ක්‍රියාමාර්ග ගන්නා මෙන් වගකිව යුතු අමාත්‍යවරයා ලෙස තමා ඉල්ලා සිටි බව තොණ්ඩමන් අමාත්‍යවරයා පවසයි.

10. 2024 ජනවාරි 13 වන දින ආරම්භ වීමට නියමිත ඉන්ටනැෂනල් ලීග් ටී 20 (ILT20) දෙවන දිගහැරුමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් 08 දෙනෙකු තම කණ්ඩායාමට බඳවා ගත් බව මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නිවේදනය කරයි: මෙමඟින් තම ක්‍රීඩක සංචිතය 20 දක්වා ඉහළ දමන බව ද පවසයි: කුසල් පෙරේරා සහ විජයකාන්ත් වියස්කාන්ත් ‘වන් ෆැමිලි’ සංචිතයට එක්වෙති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan