පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සේවිකාවන්ගේ නිළ ඇඳුම සාරියට සීමාවේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් සේවිකාවන්ට ඇතැම් නිලධාරීන්ගෙන් එල්ලවී ඇතැයි පැවැසෙන ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තොරතුරු අනාවරණයෙන් පසු, පාර්ලිමේන්තුවට පැමිණීමේදී සහ පිටවීමේදී සාරියෙන් සැරසී පැමිණිය යුතු බව පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලු ම සේවිකාවන්ට එම අංශ ප්‍රධානීන් දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

අදාළ තොරතුරු වලට අනුව ඊට අදාළ විමර්ශන පැවැත්වීමට කටයුතු කර ඇති අතර මේ දක්වා සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණි ගෘහ පාලන අංශ ප්‍රධානීන් එම සේවිකාවන්ට පාර්ලිමේන්තුවට පැමිණෙද්දීත් පිටව යද්දීත් සාරියෙන් සැරසී සිටිය යුතු බවට නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ නමුත් සිය රාජකාරියේදී එම සේවිකාවන් නිල ඇඳුමින් සැරසී සුපුරුදු පරිදි රාජකාරිය ඉටු කිරීමට අවසර දී ඇති අතර ඇතැම් සේවිකාවන් මෙම සාරි නියෝගය කඩකරමින් කටයුතු කරන බවයි පැවසෙන්නේ.

මීට කලකට පෙර ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ තහනම් විය. එම සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බව ද සේවිකාවන් ඇතුළු පහළොවකට වැඩි පිරිසක් එම කමිටුව හමුවේ පෙනී සිට දැනට සාක්ෂි ලබාදී ඇති බව ද සඳහන්.

පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර  මහත්මිය එම ත්‍රිපුද්ගල කමිටුවට පසුගිය දා නියෝග කළේ, මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා වාර්තාවක් දෙන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...