ගාල්ල  බන්ධනාගාරයේ රැදවියන්ගේ මියයෑමට හේතුව හෙළිවේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසූවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු මියයෑමට හේතුව අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව අදාළ මරණ සඳහා හේතුවී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බව අනාවරණය වී ඇති බව ඒකනායක මහතා පෙන්වා දෙයි.

එසේම රෝගී ලක්ෂණ සහිත තවත් රැඳවියන් 7 දෙනෙක් බන්ධනාගාර රෝහලේ රඳවා සිටින බවත් එම පුද්ගලයින්ට උණ සහ සමේ ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කරන බව වාර්තා වී ඇති බවද ඒකනායක මහතා පැවසීය.

එසේ මියගොස් ඇත්තේ සහ රෝහල්ගත කර ඇත්තේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි රැඳවියන් ය. සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

ගාල්ල බන්ධනාගාරයේ  සිරකරුවන්ට 1,023 දෙනෙක් මේ වනවිට රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...