ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වෙයි!

Date:

කොළඹ LNW:මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණය යටතේ සංරක්ෂණය කරන ලද ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට විවෘත කර තිබේ.

ඒ අනුව සංචාරක ප්‍රවේශ පත්‍රයක් ඒ සඳහා හදුන්වාදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුඅක්ර ඇත.

ත්‍රිකුණාමලය ෆ්‍රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන ලෙසත් කොටුව තුළ පිහිටා ඇති විහාරස්ථානය, කෝවිල සහ එහි ස්ථානගත කර ඇති හමුදා කඳවුරෙහි කාර්යයන් සඳහා බාධාවක් නොවන අයුරින් නියමු සැලැස්මක් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී නිලධාරින්ට උපදෙස් දී ඇත.

කොටුව සහ ඉන් පිටත ස්මාරක තවදුරටත් ආරක්ෂාකාරී ලෙස සංරක්ෂණය කරන ලෙසත් කැනීම් සිදු කිරීමට පවතින ප්‍රදේශන් කඩිනමින් සංරක්ෂණය කර අවසන් කරන ලෙසත් සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා කොටුව පිළිබඳව තොරතුරු ලබාගත හැකි විවිධ ක්‍රමවේදයන් සකස් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...