වගා හානිවූ ගොවීන්ට වන්දි දෙන්න මුදල් නැතිනම් සීනි බදු වංචා කළ අයගෙන් එය ලබා ගන්න – විපක්ෂ නායක (VIDEO)

Date:

රට පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව පානීය ජලය හිඟයකට මුහුණ දීමත් සත්ත්ව පාලනය වගා කටයුතු හා විදුලි ජනනයට ජලය ප්‍රමාණවත් නොවීම ද වන සතුන්ට පානීය ජලය හිඟවීමත් තෘණ භූමි වියලී යාමත් නිසා අර්බුධ රැසක් මතුව ඇති බවත් මෙය ජාතික වැදගත්කමක් ඇති සිදුවීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙසේ වගා හානි වූවන්ට වගා රක්ෂණ වැඩසටහන යටතේ ලබා දෙන ප්‍රමාණයට වඩා ඔබ්බට ගිය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මුදල් නොමැති නම් 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා සීනි ආනයනය සදහා වන විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කළ බවත් ඒ කාලයේ සීන් මෙට්‍රික් ටොන් 400,000ක් ආනයනය කළ බවත් ඒ තුලින් රටට සිදුවූ පාඩුව රුපියල් බිලියන 15.9ක් බවත් මේ වංචාවට සම්බන්ධ වූ අය නිතිය හමුවට ගෙන විත් රටට අහිමි කළ ඒ මුදල් නැවත ලබා ගෙන වියලි කාලගුණය නිසා වගා හානි වූ ගොවීන් සඳහා ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග ගොවීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න නගමිනි.

එසේ ම පාර්ලිමේන්තුවේ සිටින සමහර ඇමතිවරුන්ට ජල ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් නිසි දැනුමක් නොමැති බවත් එබැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය. ගොවීන්ගේ වී සදහා ලබා දෙන සහතික මිල සම්බන්ධයෙන් ද ගැටලු රාශියක් මතුව ඇති බවත් වී කිලෝකවට දෙන රුපියල් 80ත් 85ත් අතර මුදල වියදම් පියවා ගැනීමට ද ප්‍රමාණවත් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...