කාලගුණයේ තරමක වෙනසක් – ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Date:

අද (23) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති පුටින් දිල්ලියේ සංචාරයක; නව ගිවිසුම් රැසක් අත්සන් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදා සහන සැලසීම වෙනුවෙන් ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් එයි!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ශ්‍රී...

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලයෙන් රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...