මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මැඬලීමට සුවිශේෂී දැවැන්ත මෙහෙයුමක් !

Date:

සියලුම වර්ගවල මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා සුවිශේෂී, දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු සූදානම් කරමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

පාසල් අසල සිදුකෙරෙන මත් පෙති වෙළඳාමේ සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොග ජාවාරම් දක්වාත් කප්පම් ගැනීමේ සිට මනුෂ්‍ය ඝාතන දක්වා පාතාල ක්‍රියාකාරකමුත් මේ වනවිට ඔඩු දුවමින් සමාජ ව්‍යසනයක් කරා තල්ලු වන තත්වයක් තුළ ඒවා මැඬලීම සඳහා ඉදිරියේදී ඉතාම දැඩි ක්‍රියාමාර්ග ගැනෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන්ම විදේශ රටවල සැඟව සිටිමින් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ද ලබාගනිමින් මෙහෙයුම් දියත් කර ඇති බවත් වාර්තා විය.

මෙම අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් පොලිසිය සහ බුද්ධි අංශ විසින් මේ වනවිටත් එකතු කර තිබෙන බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...

වනඅලියෙකු පිලිස්සීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ඉකුත් දා සීප්පුකුලම...

ආණ්ඩුව ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක නොකළ බවට විපක්ෂයෙන් චෝදනා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී...