බුඩාපේස්ට් බාධකයත් ඔලිමිපික් බාධකය දිනූ බක්කාලිට

Date:

මොරොක්කෝවේ සවුෆියන් එල් බක්කාලි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ අපූරු දක්ෂතා ඇති ධාවකයෙක් බව ලෝකයම පිළිගන්නා සත්‍යයකි.ඔහු ගෙවුණු ආසන්න ඔලිමිපික් උළෙලේදී ඒ බව සනාත කරමින් රන් පදක්කම ගෙල ලා ගන්නට සමත් විය.එම ඔලිමිපික් ජයග්‍රහණය බක්කාලි ලබද්දී ඔහු ආසන්නයෙන් සිටියේ ඉතියෝපියාවේ ලැමෙචා ගිර්මා ය.ඔහු ද අති විශිෂ්ඨ බාධක දිවීමේ ධාවකයෙක් පමණක් නොව මේ වන විට ඉසව්වේ ලෝක වාර්තාලාභියා ද වන්නේය.


ගිර්මා ලෝකයේම අවධානය දිනා ගනිමින් ජූනි මාසයේ පැරිස් දියමන්ති ලීගයේදී විස්මිත 7:52.11 ක් වාර්තා කරමින් එම ලෝක වාර්තාව හිමි කර ගත්තාය.නමුත් ගිර්මා ලෝක සූරතාවලියට සූදානම් වෙමින් ලෝක වාර්තාවේ දීප්තිය සමඟ තරග කරමින් වැළකී සිටියේ ලෝක මලල ක්‍රිඩා සූරතාවලියේදී අලුත් අඩව්වක් අල්ලන්නට සිහින මවමින්ය.එහෙත් බක්කලි ඉන් අනතුරුවද තරග තුනකට ඉදිරිපත් වෙමින් ගිර්මාට අභියෝගයක් වන අන්දමේ පුහුණුවක් සහ මානසිකත්වයක් සූදානම් කර ගත්තේය.
තරගය සැළසුම් කිරිමේදි බක්කාලි වඩා විමසිල්ලෙන් සිටි බව පැහැදිළිය.ලෝක වාර්තාලාභියා ද ලෝක සූරයාද යන්න වෙනස් විය හැකි බවට වඩා වෙනස් කළ හැකි බව බක්කාලි විශ්වාස කළා විය යුතුය.විසිහත් හැවිරිදි බක්කාලිට වඩා ලෝක වාර්තාලාභි ගරිමා වසර පහක් බාලය.විසි දෙහැවිරිදි ඔහුට දක්ෂතාවය තිබුණත් ජය ගන්නට අත්දැකීම් වැදගත් බව සිය ජ්‍යෙෂඨයාගෙන් මේ ලෝක සූරතාවලියේදී ලැබුණ හොඳම පාඩම වූවාට සැක නැත.


එසේම බාධකයකින් වැටී තිබියදීත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ ඒබ්‍රහම් කිබිවෝට් තම සගයා වූ ලෙනාඩ් කිප්කෙමොයි බෙට් ලෝකඩ පදක්කම වෙත මෙහෙය වූ ආකාරය අපූරු ජාතික හැඟීමක් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් විය.තමන්ට අභියෝගයක් ආව ද,තම රටට අභියෝගයක් නොපැමිණිය යුතු යන ස්ථාවරයෙන් කිබ්වොට් සිය සඟයාව ඉදිරියෙන් තබා ධාවනයේ යෙදී සිව්වැන්නට තරගය නිම කළේය.
ජයග්‍රහණය අවසානයේ ඉසව්වේ තවත් සහෝදර ක්‍රීඩකයින් සමඟ බාධක දීවීමේ ධාවන පථයේ ඇති දිය අඟලට පැන බක්කාලි ජයග්‍රහණයේ සතුට භුක්ති විඳ අයුරු මෙහි ඇති ප්‍රධාන ඡායාරූඵයේ දැක්වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...