පෙරහැරකදී විදුලි සැර වැදී දෙදෙනකු මියයයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රදම් පෙරහැරට සහභාගීවු කරත්තයක් අධිබලති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇත.

ඒ නමුණුකුල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික රදම් (වේල්) පෙරහැරක් අතරතුර විදුලිසැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස පුද්ගලයින් දෙදෙනෙකු මියයෑමේ සිද්ධියයි. පොලීසිය පවසන්නේ , විදුලිසැර වැදුනු තවත් තිදෙනෙකු පස්සර දිසා රෝහලට ඇතුලත් කර ඇති බවයි.

පොලීසිය වැඩිදුරටත් පැවසූවේ , ඊයේ (23) දහවල් ආරම්භ කළ පෙරහැර අද (24) අලුයම තෙක් පවත්වා ඇති අතර පෙරහැරට සහභාගීවු රදම් කරත්තය කෝවිලට රැගෙන යන අතරතුර කරත්තයේ ඉහළ කොටස අධිබලති විදුලි රැහැනේ ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බවයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි හා 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් නමුණුකුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...