හාද්දක් ගිය දුරක්!

Date:

ලෝක කුසලානය අසබඩ අනිසි අන්දමේ සිපගැනීමක් හේතුවෙන් එම්බාටල් ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී Luis Rubiales හට FIFA විසින් දින 90ක තාවකාලික තහනමක් පනවා තිබේ.

46 හැවිරිදි ඔහු ස්පාඤ්ඤ පාපන්දු අභ්‍යන්තරයෙන් සහ රජයෙන් එල්ල වන පීඩනය නොතකා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පසුගිය ඉරිදා එංගලන්තයට එරෙහිව ස්පාඤ්ඤය ගෝල 1-0ක ජයග්‍රහණයක් ලැබීමෙන් අනතුරුව පැවති සම්මාන උළෙලේදී ඔහු ක්‍රීඩිකාවක් වන ජෙනී හර්මෝසෝ අල්ලාගෙන ඇගේ දෙතොල් සිපගත් බව දැන් කාටත් නොරහසකි.

FIFA ප්‍රකාශ කළේ ඔවුන් Rubiales මහතා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සියලුම පාපන්දු ක්‍රියාකාරකම් වලින් අත්හිටුවා ඇති බවයි.

අද සිට ක්‍රියාත්මක වන මෙම අත්හිටුවීම මූලික දින 90 ක කාලයක් රුබියල්ස් මහතාට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ.

33 හැවිරිදි ඉදිරිපෙළ ක්‍රීඩිකාවක් වන හර්මෝසෝ පැවසුවේ කිසිම මොහොතකවත් ඇය එම අනිසි අන්දමේ ඇයට ලබා දුන් හාදුවට එකඟ නොවූ බවයි. ඇය සහ ඇයගේ සගයන් නැවතත් ස්පාඤ්ඤය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවට ද ප්‍රකාශ කර ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...

ජනාධිපති ට්‍රම්ප් BBCයෙන් ඩොලර් බිලියන පහක් ඉල්ලා නඩු පවරයි ?

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

සමස්තයක් ලෙස වසරේ පළමු මාස නවයේ ආර්ථික වර්ධන වේගය 5% ක්

තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.4%ක වර්ධන වේගයක්...