සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දී ඇත්තේ , දැනට තේරීපත්වී ඇති ලක්ෂ 15ක අස්වැසුම ප්‍රතිලාභීන් අතුරෙන් නිවැරදිව තොරතුරු තහවුරු කරගත් ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ජුලි මාසයට අදාළ මුදල් සඳුදා දින බැංකු වෙත බැර කිරීමට සුබසාධන ප්රතිලාභ මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි .
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ , එමෙන්ම තොරතුරු කඩිනමින් තහවුරු කරගැනීමෙන් අනතුරුව ඉතිරි ප්‍රතිලාභීන් සඳහා ද දීමනා ගෙවීමට කටයුතු කරන බවයි.
මේ වන විට අභියාචනා හා විරෝධතා සම්බන්ධව සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එය අවසන් වූ වහාම සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව අඟහරුවාදා සිට බංකු මඟින් ප්‍රතිලාභින්ට මුදල් ලබාගැනීමට හැකියාව පවතින අතර, වැරදි තොරතුරු ලබාදී ප්රතිලාභ ලබාගත් අය සිටී නම් තහවුරු කරගැනීමෙන් අනතුරුව ලබාගත් මුදල් නැවත අයකර ගැනීමටත්, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය කටයුතු කරන අතර කිසිම සුදුසු පුදගලයෙක් මඟ නොහැරෙන සේ රජය කටයුතු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??