ග්‍රීසිය තවමත් ගිනිගෙන දැවෙයි

Date:

පුද්ගලයන් 20 දෙනෙකුට මාරු කැදවමින් ග්‍රීසියේ ඊසානදිග ප්‍රදේශවල Evros සහ Alexandroupolis හි පැතිර යන ලැව් ගින්න නව වන දිනටත් නොකඩවාම පැතිර යන අතර ඒ හා සමගාමිව තවත් ලැව් ගිනි දෙකක් නොනවත්වාම ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

යුරෝපයේ විශාලතම ලැව්ගිනි වලින් එකක්වන මෙම ගින්න හේතුවෙන් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වී ඇති අතර ඇලෙක්සැන්ඩ්‍රොපොලිස් නගරයේ පිටත ප්‍රදේශවල නිවාස විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇත. මේ සම්බන්ධයෙන් ග්‍රීසියේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබුණේ, ගිනි නිවන භටයින් 295 ක්, ගුවන් යානා හතක් සහ හෙලිකොප්ටර් පහක් යොදාගනිමින් ගින්න පාලනය කරමින් සිටින බවයි.

ගින්නෙන් හේතුවෙන් හෙක්ටයාර 77,000 (අක්කර 190,000) භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇති අතර සක්‍රීය උණුසුම් ස්ථාන 120 ක් හදුනාගෙන ඇතිබව චන්ද්‍රිකා ඡායාරූප භාවිතා කරමින් යුරෝපා සංගමයේ කොපර්නිකස් හදිසි කළමනාකරණ සේවය සදහන් කර තිබේ.

පවතින තත්වය පාලනය කර ගැනීම සදහා ග්‍රීසිය අනෙකුත් යුරෝපීය රටවල් වලින් උදව් ඉල්ලා ඇති අතර මේවන විට ජර්මනිය, ස්වීඩනය, ක්‍රොඒෂියාව සහ සයිප්‍රසය ගුවන් යානා යවා ඇති අතර රුමේනියාව, ප්‍රංශය, චෙක් ජනරජය, බල්ගේරියාව, ඇල්බේනියාව, ස්ලෝවැකියාව සහ සර්බියාව යන රටවලින් ගිනි නිවන භටයන් විශාල ප්‍රමාණයක් ගොඩබිමින් උදවු කරමින් සිටියි.

පවතින උෂ්ණාධික දේශගුණික තත්වයන්, අධික සුළං මෙම ලැව්ගිනි තීව්‍ර කිරීමට සමත්ව ඇති අතර තණකොළ හා වෘක්ෂලතාදියට හිතාමතාම ගිනි තැබූ බවට සැක පිට පුද්ගලයන් 163 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව රජයේ මාධ්‍ය වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණි-outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...