වෙනත් රටවල උදව් ඉල්ලීමෙන් වැළකී රටක් ලෙස අපි තනිවම නැඟී සිටිමු – ජනපති

වෙනත් රටවලින් තවදුරටත් උපකාර ඉල්ලීමෙන් වැළකී අපේ රටට අවශ්‍ය දියුණුව අප විසින්ම උදාකරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ආර්ථිකය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කිරීමට දැන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා අපි මෙහිදී සාර්ථක බව. ඒකෙන් අදහස් කෙරෙන්නේ අපි නැවත වැඩකරන්න පටන් ගන්න අවශ්‍යයයි. අපි මුල ඉඳලා පටන් ගන්න ඕනෑ. අලුත් තාක්ෂණය වෙනුවෙන් අපි මුදල් යොදවන්න ඕනෑ. අපි විදෙස් ආයෝජන ගෙන්වා ගත යුතුයි. මේවා තමයි අපි කළ යුත්තේ. මොකද, අපට පුළුවන් නම් වෙනත් රටවල උදව් උපකාරයකින් තොරව අපටම අපේ දියුණුව උදාකරගන්න, මම හිතන්නේ අපට එය කළ හැකියි. කලාපයේ බොහෝ රටවල් මේ දෙය කළා. එහෙම නම් තියෙන සම්පත් භාවිතා කරමින් අපි රටක් හැටියට තනිව නැඟී සිටිමු”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකා තිරසර සංවර්ධන කවුන්සිල සංසදය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...