වෙනත් රටවල උදව් ඉල්ලීමෙන් වැළකී රටක් ලෙස අපි තනිවම නැඟී සිටිමු – ජනපති

Date:

වෙනත් රටවලින් තවදුරටත් උපකාර ඉල්ලීමෙන් වැළකී අපේ රටට අවශ්‍ය දියුණුව අප විසින්ම උදාකරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“ආර්ථිකය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කිරීමට දැන් ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා අපි මෙහිදී සාර්ථක බව. ඒකෙන් අදහස් කෙරෙන්නේ අපි නැවත වැඩකරන්න පටන් ගන්න අවශ්‍යයයි. අපි මුල ඉඳලා පටන් ගන්න ඕනෑ. අලුත් තාක්ෂණය වෙනුවෙන් අපි මුදල් යොදවන්න ඕනෑ. අපි විදෙස් ආයෝජන ගෙන්වා ගත යුතුයි. මේවා තමයි අපි කළ යුත්තේ. මොකද, අපට පුළුවන් නම් වෙනත් රටවල උදව් උපකාරයකින් තොරව අපටම අපේ දියුණුව උදාකරගන්න, මම හිතන්නේ අපට එය කළ හැකියි. කලාපයේ බොහෝ රටවල් මේ දෙය කළා. එහෙම නම් තියෙන සම්පත් භාවිතා කරමින් අපි රටක් හැටියට තනිව නැඟී සිටිමු”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති ශ්‍රී ලංකා තිරසර සංවර්ධන කවුන්සිල සංසදය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (05) දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...