වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සරල කෙරේ. ඇමති ටිරාන්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Date:

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති රෙගුලාසි අනුව මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයින්ට පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලැබේ.

ඒ අතරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන කාණ්ඩ දෙක නිකුත් කිරීමේදී පවතින සංකීර්ණතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිරික්ෂණය කර තිබිණි.

ඒ අනුව වැඩි විදේශ ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර ඒ ඔස්සේ දැනට පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...