වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය සරල කෙරේ. ඇමති ටිරාන්ගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Date:

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කර ඇති රෙගුලාසි අනුව මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයින්ට පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලැබේ.

ඒ අතරින් පැමිණීමේ වීසා සහ වාස වීසා යන කාණ්ඩ දෙක නිකුත් කිරීමේදී පවතින සංකීර්ණතා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිරික්ෂණය කර තිබිණි.

ඒ අනුව වැඩි විදේශ ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර ඒ ඔස්සේ දැනට පවතින වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...