*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

රුසියාවට ආයුධ විකිණීමට එරෙහිව එක්සත් ජනපදය උතුරු කොරියාවට අනතුරු අඟවයි

යුක්රේනයේ යුද්ධය සඳහා රුසියාවට ආයුධ විකිණීමට එරෙහිව ධවල මන්දිරය උතුරු කොරියාවට අනතුරු අඟවා ඇතිබව වාර්තා වේ.

ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ඊයේ(30) දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, ජුලි මාසයේදී රුසියාවේ ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු උතුරු කොරියාවට ගොස් එහි නායක කිම් ජොන් උන් හමුවූ අවස්ථාවේදී මොස්කව් වෙත කාලතුවක්කු පතොරම් විකිණීමට පියොංයැංට ඒත්තු ගැන්වීමට උත්සාහ කළ බවත්, රුසියාව සහ උතුරු කොරියාව අතර විය හැකි ආයුධ ගනුදෙනු පිළිබඳව එක්සත් ජනපදය කනස්සල්ලට පත්ව සිටින බවත්ය.

ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශකගේ මෙම ප්‍රකාශය පැමිණෙන්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ කිම් තම රටවල් දෙක අතර සබඳතා ශක්තිමත් කරන බවට පොරොන්දු වෙමින් ලිපි හුවමාරු කර ගැනීමෙන් සති කිහිපයකට පසුවය.

උතුරු කොරියාව, යුක්රේනයේ යුද්ධය සම්බන්ධයෙන් රුසියාවට පක්ෂව සිටින අතර උතුරු කොරියාව එහි න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල අත්හදා බැලීම් මගින් කලාපය අස්ථාවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ එක්සත් ජාතීන්ගේ දැඩි සම්බාධකවලට යටත්ව සිටින අතර, රුසියාව පසුගිය වසරේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපද සහ බටහිර සම්බාධක රැසකට ද මුහුණ දී සිටියි.

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන සමයේදී උතුරු කොරියානු ජනාධිපති කිම් සමඟ සෘජු සාකච්ඡාවල නිරත වූ නමුත් වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් යටතේ ජාතීන් දෙක අතර සබඳතා පලුදු විය. 2018 වසරේදී ට්‍රම්ප් සහ කිම් අතර පළමු හමුවීමෙන් පසු, උතුරු කොරියාව කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන් න්‍යෂ්ටික අවිහරණය සඳහා වැඩ කිරීමට ඒකමතිකව කැමති වූ නමුත්, ඔවුන් කිසි විටෙක න්‍යෂ්ටික අවි වැඩසටහන කිසිවිටෙකත් අවසන් නොකරන ලදී.

උතුරු කොරියාව ජාත්‍යන්තර තහනමක් උල්ලංඝනය කරමින් 2006 දී සිය පළමු න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදු කිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එහි න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සම්බාධක පැනවිය. පසුගිය වසරේ උතුරු කොරියාවට වැඩි දඬුවම් පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනා කළමුත් රුසියාව සහ චීනය සිය නිශේධ බලය යොදමින් එය ඉවත් කරනු ලැබිය.

සශිකලා මධුෂාණි-outboundtoday

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan