*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට තරඟ වදින පළමු සංක්‍රාන්ති සමාජභාවී කත ඩැනියෙල් මැගාහේ

ඉසුරු පරාක්‍රම

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 කාන්තා ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තරඟ වදින පළමු සංක්‍රාන්ති සමාජභාවී කාන්තාව ලෙස කැනඩාවේ ඩැනියල් මැගාහේ (Danielle McGahey) තේරී පත්ව තිබේ.

29 හැවිරිදි ඩැනියෙල් 2024 කාන්තා ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට තරඟ වැදීමට තේරී පත්වන්නේ, බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත අවසාන තරඟයට උණුසුම් පිතිහරඹයක් ලබා දීමේ අදිටනින් යුතුව ය.

ඩැනියෙල් එළඹෙන සතියේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ICC ඇමරිකා සුදුසුකම් ලැබීමේ තරඟයේදී ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය සමඟ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සහභාගී වීමට නියමිත ය.

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ගේ සංක්‍රාන්තියේ වෛද්‍ය විද්‍යාත්මක (medical transitioning), නෛතික (legal transitioning) හා සමාජීය (socially transitioning) වශයෙන් අවධීන් කිහිපයක් පවතින අතර, ඕස්ට්‍රේලියානු ජාතික ඩැනියෙල් තම සමාජීය සංක්‍රාන්තිය ආරම්භ කර තිබෙන්නේ ඉකුත් 2020 වර්ෂයේ නොවැම්බර් මස ය. ඒ ඈ කැනඩාවට සංක්‍රමණය වී මාස කිහිපයකට පසුව ය.

ඈ සිය වෛද්‍ය විද්‍යාත්මක සංක්‍රාන්තිය ආරම්භ කර තිබෙන්නේ 2021 වර්ෂයේ මැයි මාසයේ වන අතර, ICC කාන්තා ලෝක කුසලාන තරඟාවලියට පුහුණුවීම් සිදුකරන අතරතුර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සංක්‍රාන්ති සමාජභාවී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළව සම්පූර්ණකළ යුතු නිර්ණායක යටතේ තම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම නිරතුරුව අධීක්ෂණය කරමින් පාලනය කිරීමට කටයුතු කර තිබේ.

ඩැනියෙල් මැගාහේ | ඡායාරූප: The Cricketer

එමෙන්ම, මාසිකව රුධිර පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳ වාර්තාවක් ඩැනියෙල් විසින් සැපයිය යුතු අතර, ICC නිර්ණායක අනුව තම සමාජභාවී අනන්‍යතාවය (gender identity) “කාන්තා” බවට තහවුරු කර අත්සන් යොදන ලද ලිපියක් ක්‍රිකට් කවුන්සිලය වෙත භාරදීමට ද ඈ විසින් කටයුතු කර ඇත.

තම ක්‍රීඩා දිවිය තුළ වඩාත්ම අභියෝගකාරී කටයුත්ත බවට පත්ව තිබෙන්නේ මෙසේ මාසිකව රුධිර පරීක්ෂණ වාර්තා ලබාදීම බවත්, ඊට හේතුව නම් ක්‍රිකට් ක්‍රීඩිකාවක ලෙස නිරතුරුව සංචාරය කිරීමට සිදුවීම බවත් ඩැනියෙල් බීබීසී පුවත් සේවය වෙත පැවසුවාය.

සංක්‍රාන්ති සමාජභාවී (Transgender) ප්‍රජාවට සිස්-සමාජභාවී (Cisgender) පුද්ගලයන් මෙන් තමා කැමති ක්‍රීඩාවක නිරත වීමට ඇති අයිතිය සම්බන්ධයෙන් බරපතල මතභේදාත්මක තත්ත්වයක් ක්‍රීඩා ලොව තුළ හටගෙන තිබේ. වඩාත් ගතානුගතික හා සාම්ප්‍රදායික මතධාරීන් සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ක්‍රීඩාවල නිරතවීම සිස්-සමාජභාවී කාන්තාවන් හා පුරුෂයින් හට සිදුකරන අසාධාරණයක් බව පවසද්දී, මේ පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක සහ මානුෂීය ඇසින් නිරීක්ෂණය කරනවුන් පවසන්නේ, පුද්ගලයකු යම් ක්‍රීඩාවක නිරත වීමට අවශ්‍ය හෝමෝනමය නිර්ණායකයන් නිසිපරිදි සම්පූර්ණ කරන තුරාවට ඔවුන්ගේ සමාජභාවී අනන්‍යතාවය ක්‍රීඩාවට හෝ එම ක්‍රීඩාවේ නියැලෙන අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බලපෑමක් එල්ල නොකරන බවයි. 

එමෙන්ම, සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවක හෝ පුරුෂයකු ක්‍රීඩාවක නියැලීම මඟින් එම ක්‍රීඩාවේම නියැලෙන සිස්-සමාජභාවී කාන්තාවක හෝ පුරුෂයකුට අවාසිදායක තත්ත්වයක් උදා කරන්නේ යැයි කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් තහවුරු කර නොමැති පසුබිමක මෙම සංවාදය දිගටම පැවතීම ද කණගාටුවට කරුණකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan