මේ වෙලාවෙ වැඩවර්ජන කරන එක ආණ්ඩුවට වාසියි – ලාල්කාන්ත

Date:

වැඩවර්ජන සිදු කිරීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවත්, මෙවැනි අවස්ථාවක වැඩවර්ජන සිදු කිරීමෙන් වාසි සිදුවන්නේ පාලකයන්ට බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. මහනුවරදී පැවති රැස්වීමක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

විවිධ පීඩා හේතුවෙන් ජනතාව පැදුරටම වැටී සිටින අවස්ථාවක වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩවර්ජන දියත් කිරීම හරහා ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බව පෙන්වා දෙන ලාල්කාන්ත මහතා පවසන්නේ ඒ හරහා පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුවට අවස්ථාවක් ලැබෙන බවයි. ඒ හරහා ජනතාවද ආණ්ඩුවට බැනීම පසෙක තබා වෘත්තීය සමිති සමග ගැටුම් ඇතිකර ගන්නා බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අවස්ථාවක වඩාත් සුදුසු වන්නේ අඛණ්ඩව සේවයේ යෙදෙමින්, මහජනතාවගේද විස්වාසය දිනා ගනිමින් අරගල කිරීම වඩාත් සුදුසු බවද ලාල්කාන්ත මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...