වී මිලදී ගැනීම සාර්ථකව – මෙට්‍රික් ටොන් 31,600 ක් වී අලෙවි මණ්ඩලයට

0
263

වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සාර්ථකව සිදුවන බව එහි සභාපති නීල් ද අල්විස් මහතා පවසනවා. මේ වනවිට වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් 31,600 ක් මිලදී ගෙන තිබෙනවා.

අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

නාඩු වී කිලෝවක් රුපියල් 90 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 92 කටත් මිලදී ගන්නා අතර කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 කටත් වී අලෙවි මණ්ඩලය වෙත අලෙවි කළ හැකිය. එම ආයතනයේ ශාඛා වෙත වී රැගෙන එන්නේ නම් ප්‍රවාහන ගාස්තු සඳහා කිලෝවකට රුපියල් 02 බැගින් ලබාදෙන බවද සභාපතිවරයා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here