*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළට! මෙම මස දේශීය ගෑස් මිලත් රු. 900 කින් ඉහළ යන ලකුණු

LP ගෑස් කියන්නේ, ලෝකයේ ජනගහනයෙන් විශාල පිරිසක් තමන්ගේ එදිනෙදා කාර්යයන් පහසු කරගන්න වගේම, තමන්ගේ ව්‍යාපාර කටයුතු පහසු කරගන්නත් භාවිතා කරන පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක්. නමුත් පසුගිය කාලය මුළුල්ලේම ලෝක ගෑස් මිල අවස්ථා ගණනාවකදී ම ඉහළ ගිය බව ඔබ දන්නවා ඇති. වර්තමානය වෙනකොට ලෝක ගෑස් මිල ඉහළ ගොස් තිබෙන්නේ කුමන අගයකින් ද? මේ ආකාරයට ගෑස් මිල ඉහළ යාමට බලපාන සාධක මොනවා ද? ඉතින් ලංකාවේ ඉන්න අපි ලෝක ගෑස් වෙළඳපොල ගැන නොදන්නා තොරතුරු රැසක් අද ලිපියෙන් අරගෙන එන්නට සූදානම්.

2023 වසරේ අගෝස්තු මාසයේ වාර්තා වුන විදියට ඇමරිකාවේ ගෑස් ගැලුන් එකක මිල සඳහන් වුනේ ඩොලර් 3.86 ක් විදියටයි. නමුත් ඊට පෙර සතියේ ගෑස් මිල වාර්තා වී තිබුනේ ගෑස් ගැලුන් එකක මිල ඩොලර් 3.85 ක් විදියටයි. බොහොමයක් ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ 2022 වසරේ අවසාන මාස හය තුළ දී ලෝක වෙළඳපලේ ගෑස් මිල සැලකිය යුතු මට්ටමකට අඩු වූවත්, මෙම වසර තුළ ගෑස් මිල ඉතා ඉහළ අගයකින් වැඩි වීමට නියමිත බවයි. සාමාන්‍යයෙන් වර්ෂයක් තුළ වැඩිවෙන ගෑස් මිලට වඩා 22% ක වැඩි වීමක් මෙම වසරේ මැද සිදු වී ඇති බව ආර්ථික විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. ඒ හෙයින් දේශීය ගෑස් වෙළඳපොල මිල රු. 900 ක් වැනි ඉතා ඉහළ අගයකින් වැඩි වීමට ඉඩකඩ පවතිනවා.

මේ විදියට විශාල වශයෙන් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමට හේතු කිහිපයක් ම තිබෙනවා. 2023 වසරේ ජූනි මාසයෙන් පසු ගෑස් මිල ඉහළ යාමට බලපෑ ප්‍රධානතම කාරණය වුනේ ලෝකයේ විශාලතම තෙල් අපනයනකරුවා ලෙස ඔබ අප කවුරුත් දන්නා සවුදි අරාබිය 2023 ජූනි මාසය දක්වා දිනකට තෙල් නිශ්පාදනය අවම වශයෙන් බැරල් මිලියනයකින් අඩු කරන බව පැවසීමෙන් පසුවයි. ඉතා මෑතක දී, එනම් 2023 ජූනි මස මුලදී ලෝක වෙළඳපොල ගෑස් මිල ඉහළ යාමට එව සෘජුවම බලපෑවේය. එම කප්පාදුව දිනකට සමස්ත තෙල් නිශ්පාදනය බැරල් මිලියන 1.6 කින් අඩු කරන බව සවුදි අරාබිය, ඉරානය, ඉරාකය, නයිජීරියාව වැනි ඛනිජ තෙල් අපනයනය කරන රටවල් විසින් ඇති කරගත් ඔපෙක් (OPEC) සංවිධානය නිවේදනය කළේය. ඔපෙක් (OPEC) සංවිධානය, එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව, ගෝලීය බොරතෙල් සැපයුමෙන් දළ වශයෙන් 40%ක් පමණ සාමූහිකව සපයයි.

OPEC) සංවිධානය ජූනි 4 වෙනි දා නිවේදනය කළේ, ඔවුන් 2024 වසර අවසානයවන විට දිනකට තවත් බැරල් මිලියන 1.4 ක් නිශ්පාදනය කිරීම නවත්වා දමන බවයි. මෙම කාරණා නිසා බොරතෙල් ආශ්‍රිත නිශ්පාදනයක් වන ගෑස් මිල මෙම මාසයේදී මිල රු. 900 කින් ඉහළ යනු ඇති බවට බොහෝ දෙනෙක් මත පළ කර තිබෙනවා.

එමෙන්ම චීනය විසින් කොවිඩ් 19, සීමා ඉවත් කිරීමෙන් පසුව ඔවුන්ගේ ආර්ථික විවෘත කිරීමත් ගෑස් මිල ඉහළ යාමට බලපෑ තවත් එක් කාරණයක් වුනා. 2020 වසරේ සිටම චීනය විසින් ඉතා දැඩි ලෙස කොවිඩ් 19 සීමා අනුගමනය කළ අතර එයින් අනතුරුව බිලියන 1.4 ක් වූ ජනතාව නැවතත් තමන්ගේ දෛනික ජීවන රටාවට හුරු වීමත් සමඟම ගෑස් ඉල්ලුම වැඩි වූ අතර මේ නිසාම ගෑස් මිල ඉහළ යාම සිදු වී තිබුනා.

ඇමරිකාව තුළ වේගයෙන් ඉහළ යන උද්ධමනය, යුක්රේන සහ රුසියා යුද්ධය යන කාරණා දෙකත් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාමට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් බවට පත් වී තිබෙනවා. ඇමරිකාව, රුසියාවට විරුද්ධව පනවා ඇති ආර්ථික සම්බාධකත් මෙම කාරණයට හේතු වී තිබෙනවා. ඒ අනුව මෙම සියලුම හේතූන්වල සාරාංශයක් ලෙස ලෝක වෙළඳපොලේ ගෑස් මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර එය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් ද තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයන් පවසන ආකාරයට දේශීය ගෑස් වෙළඳපොල මිල අවම වශයෙන් රු. 900 ට වැඩි අගයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින පවට තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඉතින් අද ලිපියෙන් කතා කළේ දිනෙන් දින ඉහළ යන ලෝක ගෑස් මිල සහ එයට බලපාන හේතු පිළිබඳවයි. නැවතත් මෙවැනිම ලිපියකින් ඔබ හමුවන තුරු සුබ දවසක්!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan