කතරගම දෙයියෝ තමයි හොඳටම කළේ…!

Date:

නන්දා මාලිනි ගේ පවන එන්නේ 1987 අවුරුද්දේ ය.

පවනේ සිංදු සේරම ලිව්වේ සුනිල් ආරියරත්න ය.

ඒ කාලේ අපව චූන් කළ එක සිංදුවක්
වූයේ ‘ දනන් රුහිරු’ ය.

එම ගීතයේ එක් තැනෙක මෙසේ කියයි.

“සතර උගත් දරු කැළ ඇවිදිති බඩගා

විතර විකුම් පෙන්වයි කාසිය මුරගා

දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා

කතරගමින් පිටමං වී යනු මුරුගා…”

අපිදු මේ ගීතය ජයටම කීවෙමු.

කතරගම දෙවියන් මොකෙක්ද කියා ගානට වැටුනේය.

එහෙත් කතරගම දෙයියෝ තම බලය පෙන්වූ සේක.

ඒ සදහා සුනිල් ආරියරත්න සම්මානිත මහාචාර්ය වෙනතුරු බලා සිටියේය.

අවසානයේ සුනිල් ආරියරත්න කතරගම දෙවියන් පිළිබද භක්තිය උතුරා යන පරිදි චිත්‍රපටියක් ගැහුවේ ය.

චිත්‍රපටිය ” කදිර දිව්‍යරාජ” ය.

” පවන” ළං වෙන්න බැරි තරමට
” කදිර දිව්‍යරාජ” සල්ලි හම්බ කර ඉවරය.

1987 තමන්ට නිග්‍රහ කළ පුද්ගලයාව සෝයාමීට් මුදාලාලි කෙනෙකු ළඟ දණ ගස්සවා ඔහු ලවා තමා පිළිබඳ භක්තිමත් චිත්‍රපටියක් කරවා කතරගම දෙවියන් දඬුවම් දුන් සේක.

එදා 1987 දී උඩදාගෙන පවන ඇසූ පිරිස අද පවුල් පිටින් උඩදාගෙන ගොස් 2023 දී ” කදිර දිව්‍යරාජ” චිත්‍රපටිය නරඹති.

කතරගම දෙවියන්ට නමස්කාර වේවා!

උපුටා ගත්තේ හරිත් ගුණවර්ධන ගෙනි.

ප්‍රගීත් රත්නායක ගේ ෆේස්බුක් පිටුවෙනි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...