සජිත්ගෙන් තවත් සුපිරි වැඩක් – ලුණුගම්වෙහෙර දකුණු ඉවුර රොන්මඩ ඉවත්කිරීමට මූල්‍ය අනුග්‍රහය !

Date:

ලුණුගම්වෙහෙර දකුණු ඉවුර ගොවි ජනපදවලට ජලය සපයන ප්‍රධාන ඇලේ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අද (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවි සංවිධාන එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළත් එහි යන්ත්‍ර සූත්‍ර සඳහා ඉන්ධන සපයා ගැනීමට රුපියල් ලක්ෂ 25ක් වැනි විශාල මුදලක් වැයවන බැවින් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබිණි.

මේ පිළිබඳව ගම්වාසීන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුවත් කර ඇති අතර එම ඉන්ධන පිරිවැය සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය සැපයීමට විපක්ෂ නායකවරයා කටයුතු කර ඇත.

ඒ අනුව අද (03) පෙරවරු 11.00 ට කුඩාගම්මාන 6, ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය අසලදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ය.

මෙම ඇල මාර්ගයෙන් පෝෂණය වන කුඹුරු අක්කර සංඛ්‍යාව 4000 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...