තම එළවලු වගාව ආරක්ෂා කරගැනීම සඳහා ඇද තිබුණු අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා මහතා මියගොස් තිබේ.
නුවර එළිය ශාන්තිපුර පදිංචි 62 හැවිරිදි එක්දරු පියෙකු වන ඒ මහතා 2023 පළාත් සභා මැතිවරණයේදී නුවර එළිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරගවැදීමට නාමයෝජනා භාරදී තිබුණු අතර ප්‍රාදේශීය සභා කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය. ඒ මහතා ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු ද විය.
මයිකල් ඇකියුලස් මහතා තම එළවලු වගාවට වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා තම නිවසේ විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක ආධාරයෙන් සෘජුවම විදුලි සැපයුමක් ලබාගෙන කම්බි ඇද ඔහු විසින්ම සකස් කරගත් විදුලි වැටෙහි අත් පැටළීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පෙරේදා (02) උදෑසන ඒ මහතා විදුලිසැර වැදීමෙන් මියයන්නට ඇතැයි සැලකෙන අතර ඔහුගේ දේහය අසල්වාසීන් කිහිපදෙනෙකු විසින් සොයාගෙන තිබුණේ එදින පස්වරුවේ ය.
මයිකල් ඇකියුලස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05) ශාන්තිපුර කලාපුර පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත ය.
RN