*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

රත්තරන් අනාගතයකට මඟ කියන රිදි ජයක්

ඉන්දුනීසියාවේ පැවති එක්ස්පෝරා ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ පිරිමි ඒකල සූරතාවය සඳහා පැවති අවසාන තරගයෙන් ලකුණු 21 – 15 ක් සහ ලකුණු 21 – 10 ක් ලෙස පරාජය භාර ගන්නට ශ්‍රී ලංකාවේ විරෙන් නෙත්තසිංහට සිදු විය.තරගය විනාඩි 36 දී අවසන් කළ ඉන්දුනීසියාවේ අල්වි ෆර්හාන් මෙහි සූරයා විය.


ශ්‍රී ලාංකේය ක්‍රීඩකයෙක් ලෙස මෙම තරගාවලියේ අවසාන තරගය දක්වා පැමිණිමට විරෙන්ට තරග පහක ජයග්‍රහණ තමන් සතු කර ගන්නට සිඳු විය.මෙහිදී වැදගත්ම සිඳුවීම ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ අගයන් සහිත ක්‍රිඩකයින් තරගාවලියට ක්‍රීඩා කළ ද අවසාන තරගයට පැමිණි විරේන් සහ අල්වි දෙදෙනාම එම ඉහළ ශ්‍රේණි අභිබවා සිටීමය.
තරගාවලියට ඉදිරිපත් වී සිටි මැලේසියානු,ඉන්දුනීසියානු සහ ඉන්දීය ක්‍රීඩකයින් වෙතින් පැහැදිළි වූයේ එම රටවල අභ්‍යන්තරයේම පවතින බැඩිමින්ටන් සංස්කෘතිය ඇතුළේ ඇති තරගකාරීත්වය නිසා දක්ෂතාවයන් යනු ජයග්‍රහණවල ස්ථාවර බව නොවේය යන්නයි.ඒ නිසා තමන්ට වඩා ඉහළ ශ්‍රේණිවල ක්‍රීඩකයින් පරාජය කරමින් එක්ස්පෝරා කිරුළට සමීප වෙන්නට පැමිණි ක්‍රීඩකයින් ආපසු හරවා යවමින් විරේන් අවසාන තරගය කරා පැමිණීම යහපත් සහ ඔහුගේ දක්ෂතා නිසා සිඳු වූවකි.


මෙම අනු සූරතාවය තවමත් තරුණ වියේ මුල් කාලය ගෙවන විරෙන්ට අනාගත ජයග්‍රහණ සඳහා පිවිසුම් දොරටුවක්ය.ඒ නිසා ඉන්දුනීසියාවේ අනු සූරතාවය වෙනුවෙන් විරෙන්ට පිරිනැමුණු ඇමෙරිකානු ඩොලර් 720 ක මුදල් ත්‍යාගය සහ රිදී පදක්කම හෙට විරෙන්ගේ ජීවිතය රත්තරන් අතරට ගෙන යන්නට කැපුණු මාර්ගයක් කිරීමට ඔහුගේ ක්‍රීඩාවට ඇති කැපකිරිම් සහ රටක් හැටියට ඔහුව කළමණාකරණයට දක්වන උනන්දුව අනුව තීරණය වනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan