ආණ්ඩුව කියන ආකාරයට ආර්ථිකය වර්ධනයක් වෙලා නෑ – අනුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):ආසියාවේ කිසිදු රටක මෑත කාලයේ මෙවැනි ආර්ථික කඩා වැටීමක් සිදුවී නොමැති බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සියල්ල කඩා වැටෙමින් පවතින බවත් නමුත් රනිල් ඇතුළු ආණ්ඩුව කියා සිටින්නේ ආර්ථිකය ගොඩගනිමින් පවතින බව යැයි ජාතික ජන බලවේගයේ නායක කියා සිටී.

ඒ බව පවසූ දිසානායක මහතා,

කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු සියලු නිෂ්පාදන ක්ෂේත්‍ර කඩාවැටී තිබෙනවා. ඒ වගේම සෞඛ්‍යය ක්ෂේත්‍රයේ, විශ්වවිද්‍යාලවල, ඇතැම් දෙපාර්තමේන්තුවල, පවත්වාගෙන යාමට නොහැකි මට්ටමට අදාළ වෘත්තිකයන්ගේ බරපතළ හිඟයක් තිබෙනවා. ආණ්ඩුව කියන ආකාරයට ආර්ථිකය වර්ධනය වෙනවා නම්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩිවෙන්න ඕනෑ. නමුත් මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ 11.5%යි. නමුත් ගෑස්, විදුලිය, තෙල් නැතිව තිබියදීත් 2022 පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය වී තිබුණේ ඍණ 0.5%යි. රනිල්ගේ ආර්ථික සැලසුම් නිසා ආර්ථික වර්ධන වේගය ඍණ 11.5%ක් දක්වා විශාල වශයෙන් බිඳ වැටී තිබෙනවා.

ආසියාවේ කිසිදු රටක මෑත කාලයේ මෙවැනි ආර්ථික කඩා වැටීමක් සිදුවී නැහැ. මුළු ආර්ථිකයේ කඩා වැටීම 11.5%ක් වෙනකොට කර්මාන්ත අංශයේ කඩා වැටීම 23%යි. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සියල්ල කඩා වැටෙමින් පවතිනවා. නමුත් රනිල් ඇතුළු ආණ්ඩුව කියන්නේ ආර්ථිකය ගොඩගනිමින් පවතිනවා කියලා. මේ වසරේ වැට් බද්දෙන් රුපියල් බිලියන 912ක ආදායමක් අයවැයෙන් ඉලක්ක කළා. නමුත් පළමු මාස හය තුළ ලැබී තිබෙන්නේ බිලියන 230යි. මේ අවුරුද්දේ අපේක්ෂා කළ වැට් ආදායමේ 50%ක් වත් ලබාගත නොහැකියි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ එකතු කළ අගය මත පනවන බද්ද තමයි වැට් කියලා හඳුන්වන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙන්නේ නැතිනම්, ආදායමක් එන්නේ නැහැ. අලුතින් රැකියා ඇති වෙන්නේත් නැහැ. රැකියා ඇතිවෙන්නේ නැත්නම්, ජනතාව අතර මුදල් ගැවසෙන්නේත් නැහැ. එහෙම නම් ජනතාවට භාණ්ඩ මිලදී ගන්නත් බැහැ. ඒ නිසා ඉල්ලුම අඩුවෙනවා. ඉල්ලුම අඩුවෙන නිසා, උද්ධමනය අඩුවෙනවා. දැන් සිදුවී තිබෙන්නේ ඒකයි”

යැයි ඒ මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

Yingluck Shinawatra ට එරෙහිව ජනතාව වීදි බසී!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බැංකොක් නුවරදී ...

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...