ඉදිරි සති තුන තුළදී ඔමික්‍රෝන් මෙරට ව්‍යාප්ත ප්‍රධාන ප්‍රභේදය විය හැකියි – උපුල් රෝහණ

Date:

තවත් සති 03 ක් ඉක්ම යනවිට මෙරට තුළ ව්‍යාප්ත ප්‍රධාන කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂඛවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ මෙතෙක් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයන් 07 දෙනා සමාජයට නිරාවරණය වීම අධ්‍යයනය කිරීමේදී මේ බව තහවුරු කරගත හැකි බවයි.

විශේෂයෙන් එළඹෙන උත්සව සමයේදී ඔමික්‍රෝන් ප්‍රභේදය සමාජය තුළ වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ නිසා සියලු දෙනාම ඉතා වගකීමෙන් කටයුතු කරමින් එම ව්‍යාප්තිය හැකිතරම් පාලනය කරගත යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙතෙක් හඳුනා ගත් ආසාදිතයන් ප්‍රමාණය 07 ක් වුවද ඊට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටිය හැකි බවද උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

පවත්නා ආර්ථික තත්වය හේතුවෙන් යළිත් වරක් රට වසාදැමීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත් ආහාර නොමැතිව මියයන තත්වයකට වඩා කොවිඩ් ආසාදනය වී මියයෑම යහපත් බවට බළධාරීන් තීරණය කර ඇති බවත් උපුල් රෝහණ මහතා පවසනවා. මේ නිසා තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ පූර්ණ වගකීම ජනතාව සතු බවත් ඔහු අවධාරණය කරනවා.

UNS – 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...