මර්දනය යොදල මිනිසුන්ගේ හිත්වල තිබෙන අප්‍රසාදය වළක්වන්න බැහැ! (VIDEO)

Date:

මර්දනය මඟින් මිනිසුන්ගේ හිතේ තිබෙන වේදනාව,අප්‍රසාදය,වැළැක්විය නොහැකි බව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා පැවසූහ.

පියතුමන් මේ බව සඳහන් කළේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදීය.

පවතින සැකය සහ බය වන්නේ මේ රට යමින් තිබෙන්නේ ඒකාධිපතිවාදයකට යන්න බව පියතුමා සඳහන් කළහ.

”ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අහුරලා,ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා,මිනිසුන්ගේ අයිතිවාසිකම් නැතිකරලා තමන්ට ඕන දේ පමණක් කරන්න පුළුවන් නම් එවැනි වටපිටාවක් හදල ඒකාධිපති රටක් බවට පත්කිරීමේ වෑයමක් මේක ඇතුලේ තියෙනවද කියන සැකය අපිට ඇතිවෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලාසිටින්නේ මේ නිදහස,අයිතිවාසිකම් මේ රටේ ආරක්ෂා වෙන්න අවශ්‍යයි. ඒවා නැති වෙන තැන්වලදී අපි හැමකෙන්කෙම අපිට තිබෙන අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමත් අවශ්‍යයි.” යනුවෙන් සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...

විෂ මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන...

Alpha Fire හි නව සභාපතිවරයා ලෙස මේනක අතුකෝරල එක්වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : මේනක අතුකෝරල නව...