වාහන ආනයන සීමා පිළිබඳ තීරණයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද (05) දින කියා සිටියේ 2023 වසර අවසන් වනවිට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බවයි.

විශේෂයෙන් එවැනි සීමා කිරීම් හමුවේ තිරිගු පිටි, ටයිල් වැනි කර්මාන්තවල මෙන් ද්විඅධිකාරි තත්ත්වයක් ඇතිවී‍ම වළක්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව කාරක සභාව විමසා සිටි අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කර ඇත.

මෙම කරුණු සාකච්ඡා වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...