ජෝර්ජියාවේ මහා ජූරි සභාව එක්සත් ජනපද සෙනෙට් සභිකයින් තිදෙනෙකුට චෝදනා එල්ල කරයි!

ජෝර්ජියාවේ විශේෂ මහා ජූරි සභාවක් හිටපු එක්සත් ජනපද සෙනෙට් සභිකයින් දෙදෙනෙකුට සහ වත්මන් එක් අයෙකුට එරෙහිව චෝදනා නිර්දේශ කරනලදී.

ප්‍රාන්තයේ 2020 මැතිවරණ ප්‍රතිඵල ආපසු හැරවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් දැරූ ප්‍රයත්නයන් පිළිබඳව කමිටුව මෙලෙස විමර්ශනය කළේය.

දකුණු කැරොලිනා සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් සහ ජෝර්ජියාවේ හිටපු සෙනෙට් සභිකයින් වන කෙලී ලොෆ්ලර් සහ ඩේවිඩ් පර්ඩියුට එරෙහිව අධිචෝදනා නිර්දේශ කිරීමට ජූරි සභාව ඡන්දය ප්‍රකාශ කර ඇත. මණ්ඩලයේ වාර්තාව සිකුරාදා(අද) දින නිකුත් කරන ලදී.

ට්‍රම්ප් සහ ඔහුගේ සගයන් 2020 මැතිවරණයේදී ජෝර්ජියාවෙහි නීතිය කඩ කළේ දැයි විමර්ශනය කරන විට රහස් ජූරි සභාවේ චින්තනය පිළිබඳ තවමත් පැහැදිලි නොමැත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...