2019 න් පසු ලංකාවේ සෞඛ්‍ය කඩා වැටුණා – මෛත්‍රීපාල සිරිසේන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූවේ ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කඩා වැටුණේ 2019 වසරේ අලුත් ආණ්ඩුව පැමිණ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරව බවයි.

සිරිසේන මහතා පැවසූවේ, අලුත් ආණ්ඩුව පැමිණ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇමතිවරුන් හතර දෙනෙක් පත් කළ බවත් ඉන් පසු ඒ ඇමතිවරු හතර දෙනා හතර පැත්තට අදින්න පටන් ගත් බවත්ය.

ඉන් පසුව විශාල ආරවුලක් ඇති වු බවත්, එවිට ආයතන වල නිලධාරීන්ට තීන්දු තීරණ ගන්න බැරිව ගිය බවද එක එක ඇමතිවරයාට ඕනෑ විදියට වැඩ කරන්න ගොස් සෞඛ්‍ය අමාත්‍යාංශය විශාල අවුලකට පත් වු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළ අතර, හිටපු සෞඛ්‍ය ඇමැති වරයෙක් ලෙස එම අමාත්‍යාංශයේ අගමුල ගැන හොඳ අවබෝධයක් තමාට තිබෙන බවද කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...

සැකකාර පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල මුදල් සංසරණයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...