ජනතාව දුක් විඳිද්දී මැති ඇමතිවරු සැප වින්දේ නෑ. අපිත් කැපකිරීම් කළා – ඇමති රමේෂ් (VIDEO)

Date:

ජනතාව දුක් විඳිද්දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මැති ඇමතිවරුන් සැප නොවිඳි බවත් වත්මන් ආණ්ඩුව මේ ගමන පැමිණියේ ඒ සියලු දෙනාමත් කැපකිරීම් කරමින් බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

“පහුගිය අවුරුදු දෙක බොහොම අමාරු කාල සීමාවක්. අපේ ආණ්ඩුව අරගෙන අපට ඉතාම අපහසු කාල සීමාවක් පසුකරන්න සිද්ධ වුණේ. ඒ අපහසු කාල සීමාවෙන් පස්සේ ආර්ථික කඩාවැටීම ඇතිවුණා. අපි බලාපොරොත්තු වෙච්ච වේගයෙන් මේ රට ඉදිරියට ගෙනියන්න බැරිවුණා. හැබැයි ඒ සියලුම දුක්ඛ දෝමනස්සයන් ආපසු හරවලා මේ 2022 වසරේ අපේ සමාජ දේශපාලන ගමන අපි ශක්තිමත්ව ආරම්භ කරන්න තිර අදිටනින් කටයුතු කරනවා.

ජනතාව දුක් විඳිනකොට ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරු සැප වින්දෙ නෑ. කැපකිරීමක් කරගෙන මේ ගමන ඇවිල්ලා තියෙන්නෙ. අපි තමුන්නාන්සෙලා වෙනුවෙන් ගත්තු සෑම ඡන්දෙකටම වගකියන්න ගම් මට්ටමේදී, ගෙවල් මට්ටමේදී කරන්න පුළුවන් උදව් උපකාර සියල්ල කරනවායි කියන කාරණය ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. එනිසා මේ ගමන අපි ශක්තිමත්ව යමු”

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...