ජනතාව දුක් විඳිද්දී මැති ඇමතිවරු සැප වින්දේ නෑ. අපිත් කැපකිරීම් කළා – ඇමති රමේෂ් (VIDEO)

Date:

ජනතාව දුක් විඳිද්දී ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ මැති ඇමතිවරුන් සැප නොවිඳි බවත් වත්මන් ආණ්ඩුව මේ ගමන පැමිණියේ ඒ සියලු දෙනාමත් කැපකිරීම් කරමින් බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

“පහුගිය අවුරුදු දෙක බොහොම අමාරු කාල සීමාවක්. අපේ ආණ්ඩුව අරගෙන අපට ඉතාම අපහසු කාල සීමාවක් පසුකරන්න සිද්ධ වුණේ. ඒ අපහසු කාල සීමාවෙන් පස්සේ ආර්ථික කඩාවැටීම ඇතිවුණා. අපි බලාපොරොත්තු වෙච්ච වේගයෙන් මේ රට ඉදිරියට ගෙනියන්න බැරිවුණා. හැබැයි ඒ සියලුම දුක්ඛ දෝමනස්සයන් ආපසු හරවලා මේ 2022 වසරේ අපේ සමාජ දේශපාලන ගමන අපි ශක්තිමත්ව ආරම්භ කරන්න තිර අදිටනින් කටයුතු කරනවා.

ජනතාව දුක් විඳිනකොට ජනාධිපතිතුමා, අගමැතිතුමා, මැති ඇමතිවරු සැප වින්දෙ නෑ. කැපකිරීමක් කරගෙන මේ ගමන ඇවිල්ලා තියෙන්නෙ. අපි තමුන්නාන්සෙලා වෙනුවෙන් ගත්තු සෑම ඡන්දෙකටම වගකියන්න ගම් මට්ටමේදී, ගෙවල් මට්ටමේදී කරන්න පුළුවන් උදව් උපකාර සියල්ල කරනවායි කියන කාරණය ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. එනිසා මේ ගමන අපි ශක්තිමත්ව යමු”

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...