ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි

අද (10) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

මන්නාරම, වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ.

ඌව පළාතේත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...