මෙහෙමත් හොරු

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර ඇති , මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය දා තොරතුරු අනාවරණය වූ අතර, තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති අතර වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපියනය ද අවභාවිත කර ඇති බවයි, ඒ පිළිබඳ දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ.

අදාළ වෙබ් අඩිවිය සබැඳිව පුද්ගලයින් වෙත දුරකථන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමුකර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදුකළ යුතු බවට පවසමින් මෙම වංචාව සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස මහජනතාව වෙත දැනුම් දෙන අතර , මෙම ක්‍රියාව සිදුකරන වංචනිකයන්ට හසු නොවන ලෙසද මහජනතාවට තැපැල් දෙපාර්තමේන්තුව පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...