විෂ්ණු දේවාලයේ හත්දා වලියකුම් ශාන්ති කර්මය ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර(මහනුවර)

මහනුවර විෂ්ණු දේවාලයේදී පැවැති හත්දා වලියකුම් ශාන්ති කර්ම මංගල්‍යයත් සමඟ සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ මෙම වර්ෂයේ සියලු චාරිත්‍ර නිමාවට පත්විය.
ඇසළ පෙරහැර මංගල්‍යයට දායක වූ දියවඩන නිලමේවරයා, සිව්මහා දේවලයන්හි බස්නායක නිලමේවරුන්, පිටිසරබද දේවාල බස්නායක නිලමේවරුන්, අලි ඇතුන්, සියලු කලාකරුවන්, සංවිධායක මණ්ඩල හා සැදැහැවතුන්ගේ වස්දොස් දුරුවී සෙත් ශාන්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දින හතක් තිස්සේ මෙම ශාන්ති කර්මය සිදුවිය.



එහි අවසන් වලියක් ශාන්ති කර්මය විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේදී පැවැත්විණී.
ඇසළ පෙරහැර මංගල්‍යෙයේ ආරම්භයේදී කප් කැපීම හා කප් සිටුවීම ද එහි අවසානය වන වලියකුම් ශාන්ති කර්මය සිදුවන්නේ ද විෂ්ණූ දේවාලය කේන්ද්‍ර කොටය. ඇසළ පෙරහැර සාර්ථක කර ගැනීම සඳහා දේව ආශිර්වාදය බෙහෙවින් ඉවහල්වන බවට පවතින විශ්වාසය මත දින හතක් තිස්සේ මෙම වලියක් ශාන්ති කර්මය රාත්‍රී කාලයේදී සිදුවිය.

ඇසළ පෙරහැරට දායක නොවූ ගම්වර ලබා සිටින විශේෂිත පරපුරක් විසින් මෙම මංගල්‍ය සිදුකරන අතර පෙරහැරේදී සිදුකරන නර්ථනවලට වඩා මෙහි නර්ථන ශ්‍රාස්ත්‍රීය වේ. මාවනැල්ල අලුත්නුවර දේවාලය අසල පදිංචි දෙවනගල නර්ථන පරම්පරාව විසින් මෙම වලියක් ශාන්ති කර්මය සිදුකරති. වලියක් මංගල්‍ය සඳහා විෂ්ණු දේවාලය තෝරාගෙන ඇත්තේ වලියකුන් විෂ්ණු දෙවියන්ගේ දරුවන් යැයි පවතින විශ්වාසය මතය.

හද්දා-වලියක් මංගල්‍යයේ අවසානයේදී “කාලියාම“ නම් පෙළපාලිය සිදුකළ අතර එහි අවසානයේදී නෛයණ්ඩි නැට්ටුවන් දෙදෙනෙකු නිල් පැහැති වහන්තරායකින් ආවරණය කොට දේවාලය වටා තෙවරක් ආවැඩීම සිදුකරති. පසුව ප්‍රථම දිනයේ සිට වහලයේ එල්ලා ඇති ගවරමල පහත් කොට එය කරකවමින් එහි නොගැවී නර්ථන කිරීම සිදුවේ. අවසානයේදී මල ගලවන අතර එහි කොටස් ලබා ගැනීම සඳහා සැදැහැවතුන් පොර කමින් ඉදිරිපත් වෙති.
සැදැහැවතුන් සඳහා ගවරමලේ කොටස් බෙදාදීමට විෂුණු දේවාලයේ සංවිධායක මණ්ඩලය නර්ථන මංගල්‍ය අවසානයේදි කටයුතු කෙරණී.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...