කුරුණෑගල වියත්මගේ ප්‍රබල වෛද්‍යවරයෙක් විදෙස්ගත වූ කාලයටත් OT අරන් !

Date:

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීමට විදෙස්ගත වූ අවස්ථාවන් හතරකින් දෙකකදීම එම කාලසීමාව තුළ අතිකාල සේවයේ නිරත වූ බවට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මුදල් ලබාගෙන ඇති බවට විගණනයකදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම මෙම වෛද්‍යවරයා සම්මන්ත්‍රණ 4කට සහභාගී වීමට විදෙස්ගත වී ඇති නමුත් එම සම්මන්ත්‍රණවලට සහභාගී වීම සඳහා ඔහු අවස්ථාව ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳවත් ප්‍රශ්නයක් මතුවී ඇති බව සඳහන්. වෛද්‍යවරුන් අතරින් විවෘත කැඳවීම් නොකර මොහුටම එම අවස්ථා හතරම ලැබුණේ කෙසේද, ඊට ඖෂධ සමාගම්වල සම්බන්ධයක් ඇත්ද යන්න ගැටලු සහගත වී ඇත.

අදාළ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රබලයකු මෙන්ම වියත්මග සංවිධානයේ ප්‍රබලයකු බවත් ආරංචිමාර්ග පැවසීය. ඒ හේතුවෙන් ඔහු තම ඉහළ මට්ටමේ සම්බන්ධතා භාවිතා කරමින් තමන්ට එරෙහි විමර්ශනය යටගැසීමට කටයුතු කිරීමට ද ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සහ රට ගොඩනැගීම සම්බන්ධයෙන් මෑතකදී මෙම වෛද්‍යවරයා මාධ්‍ය හමුවක් ද පවත්වා ඇති අතර තමන් සේවය කරන ආයතනයට ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මුදල් වංචා කරන අතරේම ඔහු රට ගොඩනගන්නේ කෙසේද යන්න එම රෝහලේ අයටම ප්‍රශ්නයක් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...