*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

රිලවුන්ට රට යන්න වෙන්නෙ නෑ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට රජය විසින් කටයුතු කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරවේදීන් පිරිසක් විසින් පෙත්සමක් ගොනුකර තිබූ අතර, නීතියට පටහැනි ආකාරයට මෙරට රිලවුන් චීන සමාගමක් වෙත අපනයනය කිරීමට පියවර නොගන්නා බවට රජය විසින් අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දීමෙන් අනතුරුව ඊට එරෙහිව ගොනුකරන ලද පෙත්සමේ විභාග කටයුතු අවසන් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත..

එම නියෝගය ලබා දී ඇත්තේ, අදාළ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.

මෙම පෙත්සම මීට පෙර කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේ, මෙරට රිලවුන් විදේශවලට අපනයනය කිරීමේ සූදානමක් නොමැති බවත් අනතුරුව එම ප්‍රතිඥාව අභියාචනාධිකරණය විසින් සටහන් කර ගත් බව තොරතුරු වාර්තා වේ.

රජය විසින් ලබා දෙන එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව අධිකරණය හමුවේ දැනුම් දී ඇති අතර ,පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය තීන්දු කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan