ලොහාන් ඇප මත නිදහස්!

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): 2021 වසරේදී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රැඳවියෙකුට ගිනි අවියක් එල්ල කර බියවැද්දීමක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේ රාජ්‍ය ඇමතිවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

මෙම නඩුව 2024 වසරේ ජනවාරි මස 4 වන දින විභාගයට ගැනීමටද තීන්දු කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට නියෝග කළේ.

නඩුවේ පළමු සාක්ෂිකරුවන් වන පූබාර සිංහන් සූරියපාලන් සහ දෙවන සාක්ෂිකරු මනියරාසන් සුලක්ෂන් යන දෙදෙනාට ද නඩුවට අදාළ සාක්ෂි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරුණා.

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2021 සැප්තැම්බර් මස 12 දින හෝ ආසන්න දිනක දී බන්දනාගාර දමිළ ජාතික රැඳවියෙකු වන පුබාර සිංහන් සූරියපාලන් රැදවියා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා ඝාතනය කර දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය වැටීමක් සිදු කර තර්ජනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවක් සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද පෙරවරුවේදී අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙහිදි සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පවතින චෝදනා අධිකරණය මගින් කියවා දීමෙන් අනතුරුව තමන් එම සියළු චෝදනාවන්ට නිවැරදිකරු බව ලොහාන් රත්වත්තේ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මගින් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර තිබූ අතර පළමු වතාවට සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...