*
Tuesday, October 8, 2024
spot_img

Latest Posts

පාතදුම්බර තරුව තරුෂි, ජෝන් ටාබට් අලෝකයෙන් නහවයි

චීනයේ පැවත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනයට ප්‍රථම ශ්‍රී ලංකාවේ සහභාගිවන අවසන් තරගාවලිය වන ජෝන් ටාබට් මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 400 තරගය නියේජනය කළ තරුෂි කරුණාරත්න එහි දී නව කණිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවමින් ජය ගන්නට සමත් වූවාය.තත්පර 52.62 ක සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කළ තරුෂි කරුණාරත්න එම ඉසව්ව පහසුවෙන් ජයගත්තේ ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ තරගය ගැන මෙන්ම මීටර් 800 කාන්තා තරගය ගැන ද ශ්‍රි ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවමින්ය.තරගාවලියේ තෙවැනි දිනය වූ ඊයේ (සැප්තැම්බර් 15) වෙනස් වූ එකම නව උළෙල වාර්තාව වූයේද තරුෂිගේ මේ මනරම් ධාවනයෙන් වාර්තා කළ කාලයය.
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලි රිදී පදක්කමකට හිමිකම් කී දෙනෙත් අනුහස්,වර්ථමානයේ සිය මුල් පාසල වූ තණමල්විල බෝදාගම පාසලෙන් නික්ම විත් ඉගෙනුම ලබන්නේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේය.ඔහු පාසල මාරු වුව ද පිමිවල ආකර්ශණය මාරු නොවී ඇති බව සනාත කරමින් ඊයේ අවුුරුදු 20 න් පහළ උස පැනීමේ තරගය ජයගත්තේ මීටර් 2.10 ක උසක් තරණය කරමින්ය.


කාලයේ වෙනස්කම් සමඟ ක්‍රීඩාවේ ජයග්‍රහණය යනු හොඳ මිලක් බව සහතික වෙමින් ඇත.වැය කිරීමේ ප්‍රතිපල ජයග්‍රහණයේ පලදාව වැඩි කරන බව සහතික කරමින් ශ්‍රී ලංකාවේ අනාගත මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් වැදගත් ස්ථාවරයක් තැනීමට ජාත්‍යන්තර පාසල් වල දායකත්වය තීරණාත්මක ලෙස බලපෑම් කරමින් ඇත.ඊට සාපේක්ෂව තරග කිරීමට ශක්තිය උපයා ගැනීම රජයේ පාසල් සතු භෞතික සාධඛ සමඟ අපහසු කාරණාවක් වීම වැළක්වීමට රජය අඩුම .රමේ ක්‍රීඩා පාසල්වල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමට පියවර ගත යුතුව ඇත.අඩුම තරමේ ආහාර වේලකට වැය කරන මුදල හෝ වෙනස්වීම අවශ්‍යය වන අතර ජොන් ටාබට් වැනි පාසල් ක්‍රීඩා උළෙලවල ඉහළ දක්ෂතා ලෙස සැළකිය හැකි සීමාවන් ගැන වන මිණුම් දඩු සකසා ඒවා අතික්‍රමණය කරන දරුවන්ට හෝ ආහාර දීමනාවක් ලබා දීමට පියවර ගත යුතුව ඇත.
ඒ වෙනුවට ජාත්‍යන්තර පාසල්වලට දුෂ්කරතා ඇති කර,සහභාගීත්ව ගෙවීම් ඉහළ දැමීම වැනි කාරණාවලින් සිඳුවන්නේ ඉහළට පැමණෙමින් තිබෙන ක්‍රීඩාවට යළිත් තිරිංග වැටී ජාත්‍යන්තර පාසල් දක්වන උනන්දුව හීන වීමය.එයින් ජාත්‍යන්තර බස සහ ඉහළ දැණුම අලුත් පරම්පරාවට ශිෂ්‍යත්ව ලෙසින් ලැබීමේ ඉඩ ඇහිරී යනු ඇත.මේ තත්ත්වය සමඟ තව දුරටත් ක්‍රිඩකයාට ඇති වෘත්තීය අවස්ථා ද ප්‍රසාරණය විය යුතු අතර ත්‍රිවිධ හමුදාවන්ට සීමා නොවූ රැකියා වෙළද පොළක් ජාත්‍යන්තර භාෂවෙන් වැඩ කළ හැකි පරම්පරාව ඉදිරියේ මැවීම සඳහා පෞද්ගලික අංශයේ අවධානය යොමු කළ යුතුය.පාසල් මලල ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස අභියෝග නොසළකා, මැදිහත් වන රිට්ස්බරි වැනි අනුග්‍රහයන් ලබා දෙන පෞද්ගලික අංශය ක්‍රිඩාවන්ට අනුග්‍රහය දැක්වීම සඳහා පෙරට එන ආකාරයටම අලුත් රැකියා වෙළද පොළක් ද දක්ෂ ක්‍රීඩකයින් වෙනුවෙන් නිර්මාණය කිරීමට ද අවස්ථාව සකස් කරන්නේනම් යහපත් ය.
ඒ සමඟම ක්‍රීඩා පුහුණුකරුවන්ට ද යම් කිසි ආකාරයක මිලක් නියම වෙමින් ඇති අතර,එහිදී පුහුණුකරුවන්ගේ තරගකාරීත්වය මත ක්‍රීඩා පිටියට තරගකරුවන් ගෙන එන දක්ෂතාවල ප්‍රතිපලයේ ඉහළතාවය සමඟම එහි ඇති ගුණාත්මක බව සහ ශරීරයේ පැවත්මට සහ වර්ධනයට හානියක් නොවන සැළසුම් ගැන අධීක්ෂණයට වෛද්‍ය විද්‍යාත්මකව සිදු කළ හැකි විමසා බැලීම් කළ හැකි අන්දමට නීතිමය පසුබිමක් සකස් කිරීම ද අවශ්‍යය වන්නේය.මන්ද අති විශිෂ්ඨ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර වශයෙන් ජයගනු ලබන ක්‍රීඩකයින් මේ රටට දිනා දී ඇති පදක්කම් ප්‍රමාණය,ජ්‍යෙෂ්ඨ ජයග්‍රහණවලදී දැක ගන්නට නොලැබෙන තත්ත්වය තුළ කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ මායිම් ජයග්‍රාහී ලෙස ඇමිණීමේ යම් අඩුවක් ද දකින්නට තිබෙන බව පැහැදිළිය.
එම අඩුවට ආර්ථිකය ද එක්වන අතර දක්ෂ ක්‍රීඩකයින්ට අධ්‍යාපන හපන්කම් ද ඇති විට සිදුවන්නේ රැකියාමය අවස්ථාවකට විද්‍යා පීඨ වැනි ස්ථානවලට රොක් වීමය.ඒවා නැවත ක්‍රීඩා කරන්නට නොහැකි අන්දමට අවස්ථාවන් ඇහිරෙන ආකාරයට ව්‍යහුය සකස් කර තිබෙන ඒවා බව දැනවත් අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමු කර සාකච්ඡාවට ගත යුතුය.එසේම විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මට්ටමේ වැදගත්කම හඳුනාගෙන පහසු විශ්ව විද්‍යාලයක් ලබා ගැනීමට ඇති ඉඩ වෙනස් කරන්නට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැමෙන්නේ නැත.ක්‍රිඩකයා වනු වෙනස් සුවිශේෂී භූමිකාවක් ලෙස සළකා කටයුතු කිරීමක් එහි නිලධාරි මානසිකත්වයේ නැත.එසේම විශ්ව විද්‍යාල පාඨමාලාවල ද ජාතික මට්ටමේ ක්‍රීඩකයාට පිටියේ වැඩ වෙනුවට කරන්නට ඇත්තේ පුටුව සහ මේසය අතර වැඩි වැඩ කොටසකි.ලෝකයේ ක්‍රිඩා විෂය සම්බන්ධයෙන් වන ප්‍රායෝගික ඉගැන්වීම් ගැන වැඩි අවධානයක් යොමු කර ඒවා ප්‍රයෝගික ඉගැන්වීම් බවට පරිවර්ථනය කර ගත යුතුය.නැතිනම් ක්‍රීඩාව සම්බන්ධ උපාධිය යනු පොතේ දැනුම පදනම් කරගත් එකක් වන අතර භාහිරව ක්‍රීඩා පිටිය සමඟ ගනුදෙනු ඇති අය යට ගොස් ඉදිරියට ලකුණු සමඟ ක්‍රීඩාව පිළිබඳ ඉගැන්වීමට පෙරට එන පරපුරද පොතේ උගතුන් වීම නොවැළක්විය හැකිය.
ක්‍රීඩා අමාත්‍යංශය ක්‍රීඩාව වෙනුවෙන් අධ්‍යයනය කළ යුතු කාරණා මේවා ය.නමුත් අඩුම තරමේ ක්‍රීඩා අමාත්‍යරයාට අධ්‍යාපනිකව මේ පොළවේ ක්‍රීඩාවේ හැඩය ගැන කතා කරන්නට අවශ්‍යය වෙනස්කම් කතා කරන්නට අඩුම තරමේ විහ්ව විද්‍යාලවල ක්‍රීඩාව සිඳු කරන කිසිවෙක් ජාතික ක්‍රීඩා සභාවට හෝ වැද්දගෙන නැති අතර අධ්‍යාපනය සහ දැනුම පරිශීලනය කරන පිරිස් වෙනුවට ක්‍රීඩව නිසා අධ්‍යාපනය ජය නොගත් සහ ජය ගැනීමට ක්‍රීඩාව බාධාවක් වීම ගැන පසුතැවීමක් කළකිරීමක් ඇති ක්‍රීඩාවෙන් පමණක් වැජඹෙන පිරිස් ඊට අදාළ කරගෙන ඇත.ක්‍රීඩාව ගැන හිතන පටුකම ක්‍රීඩා අමාත්‍යංශයට ද,අධ්‍යාපන අමාත්‍යංශයට ද,උසස් අධ්‍යාපන කේෂ්ත්‍රයට ද පොදු එකක්ය.මේ සියල්ල ද එක් වී ජෝන් ටාබට් පිටිය වැනි තරගකාරී පාසල් මලල ක්‍රීඩා පිටි ස්පර්ශ කිරීම අතිශයින් වැදගත්ය.විශේෂයෙන්ම ද්විත්ව පුරවැසි අයිතිය තියාගෙන මේ රටට පැමිණ ජිවත්වෙන මිනිසුන්ගේ දරුවන්ට ක්‍රිඩා කරන්න දේශීය පිටියේ ඉඩක් නැති වූ අවස්ථාද අපි මීට පෙර වාර්තා කළ ඇත්තෙමු.ජාතික වශයෙන් අධෘයපන අමාත්‍යංශය අයත්වන රජය මේ රටින් මිනිස්සු නික්ම යාම වැළක්වීම කෙරෙහි සහ සිඳුවන බුද්ධි ගලනය නැවත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.එහෙත් ක්‍රීඩා කේෂ්ත්‍රයේ රට පැමිණ සිටින මිනිසුන්ගේ දරුවන්ට අඩුම තරමේ ජාතික මට්ටමේ ක්‍රීඩා උළෙලකට සහභාගිවීමට ඇති ඉඩත් අසුරා ඇත.
අපි තවම රටක් හැටියට පළල් ලෙස සිතා කටයුතු නොකරන බව මෙයින් පැහැදිළිය.හැකිළුණ නීති විවෘත කර පළල් නොකර මේ ගමන යා නොහැකිය.ඒ නිසා මීට වඩා අලුත් වසරේ සිට ක්‍රීඩාව දෙස ක්‍රීඩාවේ අධ්‍යපානය ගැන පදනම් වූ නව සංකල්ප සමඟ කටයුතු කරන්නට හැකි තත්ත්වයක් උදා කරපල්ලා යනුවෙන් මේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට කෑ මොර දෙන දක්ෂතාවයන් සහ හිස්තැන් ජෝන් ටාබට් ක්‍රීඩා උළෙලෙන් පමණක් නොව පාසල් සහ කණිෂ්ඨ ක්‍රීඩා පිටියේ සෑම සිදුවීමකින්ම වාර්තාවන බව අපේ නිගමනයය.
පහත සඳහන් යු ටියුබ් ප්‍රවේශයෙන් තරුෂිගේ දස්කම්වලට පිවිසෙන්නට ද හැකියාව ඇත.
https://youtu.be/I_XmWjL2BZo

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan