බොක්සිං විනිසුරු සහ තීරක පාඨමාලාවක්

Date:

ජාතික බොක්සිං විනිසුරුවන්ගේ සහ තීරකයන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරිමට සහ යාවත්කාලීන කිරීමට පාඨමාලාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමයට අනුබද්ධිත බොක්සිං තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ කවුන්සිලය මූලිකත්වය ගෙන කටයුතු කරයි.


ජාත්‍යන්තර දැනුම සහිතව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබෙන මෙම පාඨමාලාව සිද්ධාන්ත සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම්වලින් පොහොසත් කිරීමට කටයුතු සැළසුම් සකස් කර තිබෙනවා.ඒ අනුව සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ මෙහි සිද්ධාන්ත කරුණු ඉගැන්වීම කොළඹ සුගතදාස ක්‍රීඩා හෝටලය පරිශ්‍රයේදී සිඳු කිරිමට නියමිත අතර එහි ප්‍රායෝගික හැදෑරීම් සඳහා ඔක්තොම්බර් 1 දා සිට 4 වන දා දක්වා කොළම සුගතදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය යොදා ගැනීමට කටයුතු කර ඇත.


මෙම පාඨමාලාව හැදෑරීම සඳහා රුපියල් 20 000 ක ගාස්තුවක් අයෙකුගෙන් අය තෙරෙන අතර අදාළ අයදුම්පත් සැප්තැම්බර් මස 20 වන දාට පෙර යොමු කළ යුතුය.බොක්සිං පසුබිමක් සහිත සහ ඉංග්‍රිසියෙන් වැඩ කිරීමට ඇති මනා හැකියාව මෙම පාඨමලාවේදී වැදගත් වන අතර වැඩි විස්තර ලබා ගැනීම සඳහා 0773420339 (වසන්ත) අංකයට හෝ 0777305695 (හේමන්ත) යන අය ඇමතීමෙන් හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...

D.S.

  නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවකුට ඇප!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : පසුගියදා අධිකරණ සංකීර්ණය...

ආපදාවට ලක්වූ කර්මාන්ත සහ ව්‍යාපාර වෙත බැංකු සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් කර්මාන්ත...