ඉන්දියාවේ මුස්ලිම් පල්ලියක් තුළ හින්දු කෝවිලක් ඉදිකෙරේ

Date:

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශුද්ධ නගරයක් වන අයෝධ්‍යාවේ මතභේදයට තුඩු දී ඇති භූමියක රාම් ජන්මභූමි නමින් රුපියල් බිලියන 15ක් (ඩොලර් මිලියන 180ක්) වැයකර නව මන්දිරය නිර්මාණය කිරීමට ඉන්දීය රජය කටයිතු කරන බව වාර්තා වේ.

මෙය නරේන්ද්‍ර මොදිගේ මැතිවරණ පොරොන්දුවක් වන අතර මෙම භුමිය දකුණු ආසියාවේ පළමු මෝගල් අධිරාජ්‍යයා වූ බබ්රි මස්ජිඩ් විසින් ඉදිකරන ලදැයි සැලකෙන බාබ්රි මස්ජිදය වන පල්ලියක් ඉදිකර තිබු භූමියකි. හින්දු සහ මුස්ලිම් යන දෙපිරිසම විසින් කලින් කලට හිමිකම් කියන ලද මෙම භුමිය දිගු කලක් තිස්සේ මතභේදයට තුඩු දී ඇත.

1992 වසරේදී බබ්රි මස්ජිඩ් ඉතාම නින්දිත ලෙස හින්දු ආගමට සම්බන්ධ මැරයන් විසින් කඩ බිඳ දැමීමත් සමඟ රටපුරා වාර්ගික ප්‍රචණ්ඩත්වය ඇවිලී ගිය අතර එමඟින් මිනිසුන් 2,000 කට වඩා මිය ගියේය.

2019 වසරේදී දීර්ඝ නීතිමය සටනකින් පසු, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මතභේදයට තුඩු දුන් ස්ථානයේ පන්සල ඉදිකිරීමට හින්දු භක්තිකයින්ට අවසර ලබා දුන් අතර එය රටේ බිලියන 1.4 ක ජනතාවගෙන් 80% ක් පමණ වන හින්දු භක්තිකයන් අතර සහයෝගය ලබා ගැනීමට මොදිට හා ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට කදිම අවස්ථාවක් විය.

ඉන්දියානු ඉංජිනේරු කණ්ඩායමක් වන Larsen and Toubro විසින් අක්කර 70 (හෙක්ටයාර 28) සංකීර්ණයක් තුළ අක්කර 2.67 (හෙක්ටයාර 1.08) භූමි භාගයක විහාරස්ථානය ඉදිකරන්නට නියමිත වන අතර ඉන්දියානු ස්වර්ණාභරණකරුවන් විසින් නිර්මාණය කරන ලද රන් කැටවලින් විහාරය අලංකාර කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. දිනකට බැතිමතුන් 100,000 ක් පමණ දේවමාළිගාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...

Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : පසුගිය සිකුරාදා (27)...