රුසියා සංචාරය නිමකර තෑගිත් අරන් කිම් ජෝන් උන් සිය රට බලා යයි

Date:

දින හයක රුසියානු සංචාරයකින් පසු උතුරු කොරියනි ජනාධිපති කිම් ජොන් උන් අද දිනයේදී ව්ලැඩිවොස්ටොක් වරායට උතුරින් පිහිටි ආර්ටියෝම් නගරයේ ඔහුගේ සන්නද්ධ දුම්රියට ගොඩවී සිය රට බලා ගමන් ගත් බව රුසියානු හා උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

සංචාරය අතරතුරදී උතුරු කොරියානු නායකයට ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයකුගෙන් පුපුරණ ද්‍රව්‍ය ඩ්‍රෝන යානා පහක්, ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් සහ වෙඩි නොවදින කබායක් තෑගි වශයෙන් ලැබී තිබේ.

කිම්ගේ හා පුටින්ගේ හමුව මිත්‍රත්වයේ හා සහයෝගීතාවයේ නව යුගයක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබු අතර මෙහිදී මිලිටරි කටයුතු කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කර තිබිණි.

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී සහ යුද්ධයේදී රුසියාවට ප්‍රසිද්ධියේ සහාය දෙන රටවල් කිහිපයෙන් එකක් වන උතුරු කොරියාව යුක්රේනයේ සටන් දිගටම කරගෙන යාමට අවශ්‍ය සහය ලබා දෙන අතර ඒ වෙනුවෙන් උතුරු කොරියාව ජාත්‍යන්තරව හෙළා දකින මිසයිල වැඩසටහන සංවර්ධනය කිරීමට රුසියාවේ සහය බලාපොරොත්තු වේ.

නායකයන් දෙදෙනා ඔවුනොවුන් සහෝදරවරු ලෙස හදුන්වා දී ඇති අතර කිම් ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය දැහැමි උත්සාහයක් ලෙස තමා සලකන බවත්, අධිරාජ්‍යවාදයට එරෙහිව රුසියාව සමඟ නැගී සිටීමට උතුරු කොරියාව සූදානම් බවත්ය.

සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...