*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

රනිල් ජනාධිපතිවරණයට සුදානම්වන හැටි – වජිරට බුද්ධ ශාසන ඇමති ධුරය – ශ්‍රීලනිප මහලේකම් දුමින්ද ? වෙළඳ ඇමති ට කරන්න බැරි දේ සතොස සභාපති කරපු හැටි

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නගරයේ සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): ඉදිරි වසර මැතිවරණ වසරකි. මැතිවරණයකදී සියලු දෙනාම එකය.කොතරම් උගත් වුවත් සාමාන්‍ය පුද්ගලයකු වුවත් ධනවතකු හෝ දුප්පතෙකු වුවත් සියලු දෙනාට ඇත්තේ එක ඡන්දයක් පමණි. ලොව අන් රටවල ඡන්ද දායකයන් සිතන පතන අයුරු සම්බන්ධයෙන් කිසියම් මැනීමක් කල හැකි වුවත් ශ්‍රීලංකාවේ ඡන්ද දායකයා තීරණ ගන්නා ආකාරය අතිශය ව්‍යාකූලය. ශ්‍රීලංකාවේ ශ්‍රමිකයන් ප්‍රමාණය ලක්ෂ අසුවකි. මෙයින් රජයේ සේවකයන් ලක්ෂ පහළොවකි.පුද්ගලික අංශයේ ඍජු රැකියා කරන තවත් ලක්ෂ පහළොවකි. ගොවීන් , ස්වයං රැකියා කරන්නන් ,ත්‍රිරෝද රථ රියදුරන් ආදීන් ලක්ෂ පනහකි.මොවුන්ගෙන් යැපෙන්නන් එනම් එම ලක්ෂ පනහේ පවුල් ලෙස ගත් විට එම පිරිස ලක්ෂ සියයකි. මේ ලක්ෂ සියය කියවන්නේ සිංහල හා දෙමල පුවත්පත් වෙබ් අඩවිය. නරඹන්නේ සිංහල හා දෙමල ටෙලි නාට්‍ය හා වැඩසටහන්ය. මේ පිරිසට හරිහැටි ආමන්ත්‍රණය කල හැකි පුද්ගලයන් හා පක්ෂ මැතිවරණ ජයග්‍රහණය කරයි. එම නිසා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා සිහින දකින්නන් මේ තත්වය අවබෝධ කරගෙන කටයුතු කල යුතුය. මේ ලක්ෂ සියය ඉලක්ක කර ගෙන ජනාධිපතිවරණය මෙහෙයවූ විට ජයග්‍රහණය ඉතාම පහසුය. එහෙත් වර්තමාන ආර්ථික තත්වය හා දිනෙන් දින ඉහලයන ජීවන වියදම හමුවේ වෙනදා තරම් මෙය පහසුවෙන් කල හැකි කාරණයක්ද නොවේ.ඒ තරමට මේ වන විට ශ්‍රීලංකාවේ සාමාන්‍ය ජන මනස ව්‍යාකූල වී තිබේ.

රනිල් ජනාධිපතිවරණයට සුදානම්වන හැටි – එජාපයේ තනතුරු වල වෙනසක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තරග කිරීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන තලයේ දැඩි කතාබහක් මතුව තිබේ. ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසියම් හෝ සැකයක් ඇත්නම් රනිල් ඒ සඳහා ඉදිරිපත් නොවනු ඇතැයි පිරිසක් ප්‍රකාශ කරන අතරේ තවත් පිරිසක් පවසන්නේ රනිල් ඒ සඳහා අනිවාර්යයෙන්ම තරග කරන බවය.

ඒ සඳහා බලය උරගා බැලීමක් ලෙස මෙවර අයවැයෙන් පසුව 2024 ජනවාරි හෝ පෙබරවාරි මාසයේ ආණ්ඩුව විසුරුවා හැර 2024 අප්‍රේල් සිංහල අවුරුද්දට පෙර මහමැතිවරණයක් පැවැත්වීමේ සුදානමක්ද කියවේ. එම මහා මැතිවරණයෙන් අනතුරුව තමන්ගේම පිරිසක් එකතු කරගෙන නව ආණ්ඩුවක් පිහිටුවාගෙන එම පිරිස මගින් ජනාධිපතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම රනිල්ගේ අරමුණ බව පැවසේ. වර්තමානයේ බිහිව ඇති සන්ධාන ප්‍රමාණය අනුව කිසිවකුටත් පාර්ලිමේන්තුවේ 113 බහුතරය ගැනීම ප්‍රයෝගිකව ඉතාම අසීරු බැවින් රනිල්ගේ ගණනය කිරීම් වල වරදක්ද නැත. ඉදිරි අයවැයෙන් සහන ගොන්නක් ලබාදී ජනතවට සියලු ප්‍රශ්න අමතක කරවා ජනමතය තමන් වෙත හරවා ගැනීමටද රනිල් ඇතැම් විට උත්සහ ගන්නවා විය හැක. ලොව අත්දැකීම් අතින් ඉදිරියෙන්ම සිටින රාජ්‍ය නායකයකු වන රනිල් වික්‍රමසිංහ උපායශීලී භාවය සිය මාමා වන ජේ.ආර්.ජයවර්ධනද පසුකර තිබේ. එම නිසා ඔහුගේ සැලසුම් දන්නේ ඔහුම පමණි. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වටා සිටින සමහැරුණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු දෙයක් නොකරන තරම්ය. එසේම ඔවුන් ජනතාව ඉදිරියේ කියන මෝඩ කතා නිසා රනිල් පමණක් නොව එජාපයද විහිලුවට ලක්වෙමින් තිබේ. මේ නිසා මෙවර පක්ෂ සම්මේලනයේදී ප්‍රධාන තනතුරු රැසක් වෙනස් කරන්නට රනිල් දැනටමත් තීරණය කර තිබේ. පසුගිය දින වල සිරිකොත පක්ෂ මුලස්ථානයේ සිදුවූ ඇතැම් සිද්ධීන්ද ජනාධිපතිවරයාගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

රනිල් කියුබාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ……………

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය වෙත පැමිණ සිටී. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහාය. කියුබාවේ සාර්ථක සංචාරයක් නිමකළ ජනාධිපතිවරයා නිව්යෝර්ක් වෙත පැමිණියේය.“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් හමුවිය.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත් කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් මෙහිදී සිහිපත් කළේය.

ඉදිරියේ දී සෞඛ්‍ය, කෘෂිකර්ම සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

මේ අතර කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනන් ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වජිරට බුද්ධ ශාසන ඇමති ධුරය – රනිල් පැමිණි පසු කැබිනට් සංශෝධනයක් ?

ඇමරිකානු සංචාරයෙන් පසුව මේ මස අගදී නව ඇමතිවරුන් පිරිසක් පත් කරමින් කැබිනට් සංශෝධනයක්ද සිදු කිරීමට නියමිතය. මෙහිදී නව කැබිනට් ඇමතිවරුන් හතරක් හෝ අටක් පත් කිරීමට නියමිතය.සෞඛ්‍ය හා ක්‍රීඩා ඇමති ධුර වෙනස් කිරීමටද නියමිතය. එහෙත් එම ඇමති ධුර වෙනස් නොකරන ලෙසට පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කර ඇත. පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හමුවූ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින්ද එම ඉල්ලීම සිදු කර තිබිණි. එහෙත් රට පුරා ජනතාව සෞඛ්‍ය අමාත්‍යංශය හා ඇමතිවරයා සම්බන්ධයෙන් ඉන්නේ දැඩි කෝපයෙන් හා වෛරයකිනි. ඒ දිනෙන් දින එම ක්ෂේත්‍රයේ සිදුවන මරණ හා කඩාවැටීම් නිසාය. ඒ සියල්ල හමුවේ සෞඛ්‍ය ඇමතිවරයා කිසිදු සාධනීය පියවරක් ගන්නා බවක් නොපෙනේ. එම නිසා අඩුම තරමින් ජනාධිපතිවරයා හෝ තීරණයක් ගත යුතුව තිබේ. විශ්වසභාන්ගයෙදී කෙහෙළිය දිනෙව්වේ එය රජයේ පරාජයක් ලෙස පෙනෙන නිසා වුවද ඊට පක්ෂව ඡන්දය දුන් බොහෝ දෙනා එය කලේ හිතට එකඟව නොවේ. මෙවර කැබිනට් සංශෝධනයේදී වජිර අබේවර්ධන මහතාටද බුද්ධ ශාසන ඇමති ධුරය ලබා දීමට නියමිත බව පැවසේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයිද නොපවත්වන්නේ නම් එම මැතිවරණයට නාමයෝජනා දුන් අපේක්ෂකයන්ට සාධාරණය ඉටු කරන්නැයිද බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ඉල්ලීමක් කළේය.

ආර්ථික තත්වය යලිත් නරක අතට – මහා බැංකුව මොකද කරන්නේ ?

රටේ ආර්ථික තත්වය යලිත් වරක් අර්බුදයට යමින් පවතී. ජනතාව දිනෙන් දින අසීරුවට පත්වෙද්දී භාණ්ඩ හා සේවා මිල දිනෙන් දින ඉහල යමින් පවතී. බොහෝ ඇමතිවරුන්ට මේ අසීරුතා ගැන වගේ වගක් නැත.ඉහල වැටුප් හා දීමන මෙන්ම වෙනත් අදායම් මාර්ග නිසා ඇමතිවරුන්ට ජනතාවගේ අසීරුතා දනේනේද නැත. මේ ගැන ඔවුන්ට වගේවගක් නැත.

ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

එසේම ණය හුවමාරුවට ඇතුලත් නොවූ බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත. ලොව හොඳම මහා බැංකු අධිපතිවරයා සිටින බව පැවසෙන රටක මෙවැන්නක් සිදු විය හැකිද යන්න ගැටලුවකි. අපට පෙනෙන පරිදි විදේශ ණය නොගෙවා ලැබෙන ඩොලර් වලින් යැපීම හා ඉන්ධන මිල විදුලි හා ජල බිල් වැඩිකර බදු අසීමිත ලෙස වැඩි කර විජ්ජා පෑම හැර මහා බැංකුව හෝ මුදල් අමාත්‍යංශය වෙනත් කිසිවක් කර නැත.

රජයේ වාහන අවභාවිතයට මාසිකව කෝටි ගණනක අමතර වියදමක්

විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ රජයට බාරදී ඇති වාර්තාවක සඳහන් වේ.

මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.සමහර ප්‍රධානීන් තමන්ගේ පෞද්ගලික වාහන තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී කුලිය ලබා ගන්නා අතරේම ඒවා නිල රථ ලෙසද පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත. පවුල්වල සාමාජිකයන්ගේ ගමන් බිමන් සඳහා එම ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබීමත් ප්‍රධානීන්ට රජයෙන් දෙන ඉන්ධන පාවිච්චි කිරීමත් හේතුවෙන් මෙම පාඩුව දෙගුණ තෙගුණ වන බව බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

ලොව දියුණු රටවල වත් මේ ආකාරයට වාහන ලබාදීමක් සිදු නොකරයි. වහාම මේ ක්‍රමවේදය වෙනස් කල යුතුව තිබේ. මේවා වෙනස් නොකර ජනතාව වෙත බර පැටවීම දැන්වත් නැවැත්විය යුතුව තිබේ.

ආණ්ඩුවේම පක්ෂ ජනතාවට සහන ඉල්ලයි

ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ විශේෂ ඉල්ලීමක් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ මහජන එක්සත් පෙරමුණේ නායකයන් ඒකාබද්ධව මෙම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ද මහජන එක්සත් පෙරමුණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්ද රැස්විය.

රටේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට පත්ව සිටින හෙයින් ඔවුන්ට සහනයක් ලෙස කිසියම් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කිරීම වැදගත් බවට ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ යුතු යැයි පක්ෂ නායකයෝ එහිදී එකම තීරණයකට පැමිණියහ.

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවමින් ජනාධිපතිවරයා කටයුතු කරන බවට සජිත් ගෙන් චෝදනා

පාස්කු ප්‍රහාරයේ සත්‍ය සඟවමින් ජනාධිපතිවරයා කටයුතු කරන බවත් පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා⁣වේ සංවේදී කරුණු සහිත පිටපත් පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර සඟවා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

රටේ ජනතා ප්‍රශ්ණවලට විසඳුම් සොයනවා වෙනුවට, ප්‍රතිපත්ති පාවාදෙමින්, පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුනුවා ගැනීමට තමා කිසි ලෙසකවත් ඉදිරිපත් වන්නේ නැති බවත් ජනවරමකින් තොරව තනතුරු බාර ගැනීමට සූදානම් නැති බවත් විපක්ෂ නායකවරයා කියා සිටී.

පාස්කු ප්‍රහාරයන් පසු රටේ ජාති ආගම් අතර බෙදිමක් ඇති කර, බලලෝභී දේශපාලඥයින් තම අභිලාශයන් ජයග්‍රහණය කළත්, අනාගතයේදී රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට ඉඩ නොතැබිය යුතුයි.පාස්කු ප්‍රහාරයේ සත්‍ය පවා සඟවමින් ජනාධිපතිවරයා කටයුතු කරනවා ,පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා⁣වේ සංවේදී කරුණු සහිත පිටපත් පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර සඟවා තිබෙනවා එලෙස සත්‍යය සැඟවීම තුළින් ජාතික ආරක්ෂාව තවදුරටත් අනතුරට ලක්වනවා

ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, කතා කිරීමේ නිදහස මෙන්ම විරුද්ධවීමේ නිදහසද ඇති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක් සමගි ජන බලවේගය රට තුළ ගොඩනැගීමට සූදානම් යයිද සජිත් ප්‍රේමදාස පැවසුවේ සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැනි අදියර, කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරයේ පැවැති අවස්ථාවේදීය.

සතොස සභාපති නලීන්ට කල හැකි වූ දේ වෙළඳ ඇමති නලීන්ට කරන්න බැරි වෙලා

මේ දින වල ඇතැම් එළවලු වර්ග සඳහා නිසි මිලක් නොලැබීම නිසා ගොවීන් දැඩි අපහසුවට පත්ව සිටිති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් ගොවි නිෂ්පාදන මිලදී ගන්නේ කුණු කොල්ලයටය. ඇතැම් වර්ග වල කිලෝව රුපියල් දහයකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලියට යන්නට රුපියල් 100ක් අය කරයි. වරක් වැසිකිලියට යන්නට එළවලු කිලෝ දහයක මිල වැයවේ.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට සිදු කරන අසාධාරණ ගාස්තු අය කිරීම් නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට ලක්වේ. මේ පහසුකම් නොමිලේ ලබා දෙන්නට රජය පියවර ගත යුතුය.

අනෙක් අතට ගොවියා ගෙන් අඩු මිලට මිලදී ගත්තද පාරිභෝගිකයා වෙත සහන මිලක් නොලැබේ.

එදා ලංකා සතොස සභාපතිවරයා ලෙස එළවලු මිලදී ගෙන ගොවීන් ට පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම සහන සලසන්නට වර්තමාන වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු එදා පියවර ගත්තේය.එදා එම වැඩපිළිවෙල සාර්ථක විය.අද වෙළඳ ඇමතිවරයා ලෙස ඔහුට එය කල නොහැකි කාරණය සිතා ගන්නට අසීරුය. එදා ඔහු ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ ජනතාව මේ තරම් ආර්ථික වශයෙන් අසීරුතාවයක් නොතිබිණි.එහෙත් දැන් තත්වය වෙනස් බැවින් එදාටත් වඩා එවැනි දෙයක අවශ්‍යතාවය තදින් පවතී.

මේ සඳහා නිසි ක්‍රමවේදයක් වහාම ගත යුතුව තිබේ. වෙළඳ ඇමතිවරයා ලෙස ව්‍යාපාරිකයන්ගේ ගැටළු විසඳීමට වඩා ප්‍රමුඛතාවය දිය යුත්තේ පාරිභෝගික ජනතාවගේ ජීවන බර අඩු කිරීමටය. වෙළඳ ඇමතිවරයා නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව අන් සියලු දේටත් වඩා භාණ්ඩ හා සේවා මිල සම්බන්ධයෙන් සංවේදී බව වෙළඳ ඇමතිවරයා සිහියේ තබා ගත යුතුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය දුමින්ද දිසානායකට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් ඉදිරියෙන්ම සිටින්නේ දුමින්ද දිසානායකය. ඔහු මෛත්‍රී සමගද සමීපය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමගද සමීපය. ජනාධිපති රනිල් සමගද ඔහුට සමීප සම්බන්ධතාවයක් තිබේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේකම් වරයකු වන හිටපු මහ ඇමැති සරත් ඒකනායක ද මේ තනතුර සඳහා දැඩි අවධානයෙන් සිටී.

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්කර වැඩබලන මහ ලේකම්වරයා ලෙස නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පත් කරනු ලැබුවද එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වළක්වනු ලැබීය.

මේ අනුව එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඉකුත් සදුදා පැවති විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පත් කරනු ලැබූ අතර,ඉදිරි කාලයේදී සඳහා ස්ථිර මහ ලේකම්වරයෙකු පත් කිරීමට නියමිතය.

විශේෂයෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති රනිල් අතර ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගෙන සන්ධානයක් බිහි වන්නේ නම් ඒ සඳහා දුමින්ද දිසානායක ලේකම් ධුරයට පත් කිරීම ඉතාම වැදගත් වනු ඇත.

අනුර කුමාර දිසානායක ඇමරිකානු සංචාරයක

ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇමරිකානු සංචාරයක් සැලසුම් කර තිබේ.

එළැඹෙන ඔක්තෝබර් මස 28 වැනිදා සිට නොවැම්බර් මස 05 වනදා දක්වා ඇමරිකාවේ ප්‍රධාන නගර කිහිපයක මෙම සංචාරයේ යෙදෙයි.

ලොස්ඇන්ජලිස්, බොස්ටන්, හුස්ටන්, නිව්යෝර්ක්, වොෂින්ටන්, වර්ජිනියා ප‍්‍රදේශවල අනුර දිසානායක මහතා අමතන ජනහමු සංවිධානය කර තිබේ.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan