ජල හා විදුලි ගාස්තුත් ඉහළ යන ලකුණු!

Date:

ඉන්ධන මිල ඉහළ යාමත් සමග විදුලි නිෂ්පාදනය සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බැවින් විදුලි ගාස්තු ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව රජයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය විටින් විට අඩපනවීම හේතුවෙන් මේ වනවිට විදුලි කප්පාදුවක්ද සිදුවෙමින් තිබෙන අතර දිගින් දිගටම ගල් අඟුරු බලාගාරය අක්‍රිය වුවහොත් ඉන්ධන භාවිතා කර විදුලිය නිපදවීම ඉහළ දැමීමට සිදුවනු ඇත.

මේ අතර ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ විදුලි ගාස්තු ඉහළ දමන්නේ නම් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බවයි. කෙසේ නමුත් අඩු පරිභෝජනයක් සහිත පරිභෝගිකයන්ට බර නොපටවා වැඩි ජල පරිභෝජනයක් සහිත ජල පාරිභෝගිකයන්ගේ පමණක් ගාස්තු වැඩිකළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...

2026 අයවැයට වාහන ආනයනකරුවන්ගෙන් යෝජනා!

කොළඹ LNW:2026 අයවැය සඳහා වාහන ආනයනකරුවන් විසින් යෝජනා ඉදිරිපත්කර...

අද හොඳ දවසක් තමයි, ඒත් අදට වඩා හෙට හොඳ විය යුතුයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: අද සැප්තැම්බර් 17.ජපානයේ පැවත්වෙන ලෝක මලල...