නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යට මුදා හැරියොත් දැඩි දඬුවම්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම වර්තමානයේ විලාසිතාවක් ඇති අතර, එම තත්වය වැලැක්වීම පිණිස එවැනි පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නීති සකස් කිරීමට ඉදිරියේ කටයුතු කරනු ඇතැයි වාර්තා පළ වේ.

මීට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබැනට් පත්‍රිකාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් වන අතර, ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ නිරුවත් ඡායාරුප, වීඩියෝ දර්ශන එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අරමුණෙන් වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම නව නීති සකස් කර ඇති බවද සංදහන් වේ.

එවැනි ක්‍රියා නිසා වර්තමානයේ පාසල් යන වයසේ පිරිස අතර සියදිවි හානි කර ගැනීම්, මානසික පීඩනය අධික වීම් දැඩිව දක්නට ලැබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ එවැනි වීඩියෝ දර්ශන ප්‍රචාරය කළහොත් එම වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකිය. තවද දෙවැනි වරදකට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමේ හැකියාව පවතින බවද සඳහන් වේ.

මෙමඟින් දරුවන් වරදට පොළඹවාගන්නන්ද නීතියේ රැහැනට හසුවනු ඇතැයි බලාපොරොත්තු වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...

වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : අද (02) පස්වරුවේ,...

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි තැබීමකින්...