පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම්වරයා සිය ධුරයේ රාජකාරී අරඹයි.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සිය ධුරයේ රාජකාරී අරඹා ඇත.

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධුරයට පත් ජේෂ්ඨ නීතිඥ ජී.කේ.ඒ. චමින්ද  කුමාර කුලරත්න මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම පසුගියදා සිදුවිය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය ඉදිරියේ සිය නිල ප්‍රතිඥා ලබාදීමෙන් අනතුරුව කුලරත්න මහතා සිය ධුරයේ කටයුතු ආරම්භ කළේය.

අද (19)  පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ කරමින් කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ධූරයට ජේෂ්ඨ නීතිඥ ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා 2023 සැප්තැම්බර් 15 වැනි දින සිට පත් කර ඇති බව නිල වශයෙන් පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

චමින්ද කුලරත්න මහතා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර විවෘත විශ්ව විද්‍යාලයේ  නීති වේදි උපාධිධාරියකු වේ.  තවද ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හා එක්සත් රාජධානිය බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙකු ද ව.  එමෙන්ම ඒ මහතා 2005 වසරේ සිට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යාවජීව සාමාජිකයෙකු මෙන්ම 2016 වසරේ සිට නීතිඥ සංගමයේ කවුනසිලයේ සාමාජිකයකු ද වේ.

එතුමාගේ වැඩ භාර ගැනීමෙන් පසු මාධ්‍ය වෙත නිකුත් කර පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...