ක්‍රීඩා දෙකක තනතුරු වෙනසක්

ක්‍රිකට් සහ නෙට්බෝල් ක්‍රීඩාවට අදාළව අද දවස තුළ වගකීම් දෙකක වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන බව ක්‍රීඩා ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒ අතරින් ක්‍රිකට් නායකත්වයේද වෙනසක් ඇති වන බවත්,ඒ සමඟම ක්‍රීඩක සංයුතිය ද වෙනස් විය හැකි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නායකත්වය වෙනස් වීම ඉවත් කිරීමක් නොව ඉල්ලා අස්වීමක් මත සිඳුවීමට නියමිත බවත් තව දුරටත් වාර්තා වෙයි.

එසේම මේ වන විටත් අප්‍රසිද්ධියේ සිඳු වී ඇති බව පවසන ජාතික නෙට්බෝල් පුහුණුකාරිය සම්බන්ධයෙන් අද ප්‍රසිද්ධ ප්‍රකාශයක් වීමට ඉඩ ඇති බව ද වාර්තා වන්නේය.මසකට ආසන්න කාලයක් තුළ ජාතික පුහුණුකාරිණියක් කැඳවා කණ්ඩායම භාර දීමෙන් ඇයට දැනෙන වැඩ කොටසක් කරන්නට ඉඩ නොලැබෙන අතර සිදුවිය හැකි එකම දෙය පත්වන්නියගේ සුදුසුකම් ගොන්නට ජාතික පුහුණුකාරිණිය යන්න එක් වීම පමණය.ඉතිහාසයේ ආසියානු සූරතාවලිය දිනූ නායිකාවන් ද ඒ ආකාරයට පත් කර ඇති බව මීට කාලෙකට පෙර නෙට්බෝල් කේෂ්ත්‍රයේ අතීත තොරතුරු පිළිබද කතා බහකදී පැරන්නියකම කියූ අතර,එහිදී නායිකාව ලෙස නමි කළ අය එම තරගාවලියේම එක් කාර්තුවක් පමණක් ක්‍රීඩා කළ බව ද එහි දී කියවිණි.

තව දුරටත් නෙට්බෝල් සංගමයට අනුබද්ධිතව ක්‍රියාත්මක යාන්ත්‍රණයක කුමන හෝ තනතුරක් දරන්නේනම් ජාතික පුහුණුකාරිය ලෙස වගකීම දැරිය නොහැකි බව ද,මීට පෙර අවස්ථාවක එම තනතුර වෙනුවෙන් පැවති සංවාදයකදීම වාර්තා වූ අතර මෙවර එම තත්ත්වයන් සැළකිල්ලට ගෙන ඇත්තේ මේ වන විට නෙට්බෝල් ව්‍යවස්ථාව වෙනස්ව ඇද්දයි අපි නොදන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...