Google, Facebook, YouTube, TikTok සමාගම් ලංකාව හැරදා යාමේ අවධානමක්?

Date:

කොළඹ LNW:Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ජාත්‍යන්තර සන්නිවේදන සමාගම්වල ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ නියාමනය කිරීමට උත්සාහ කිරීම හමුවේ මෙම සමාගම් ශ්‍රී ලංකාව හැරයාමේ තර්ජනයක් ඇතිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඒ ආකාරයෙන් රටට ද්‍රෝහි නොවන ලෙසයි මන්ත්‍රීවරයා ආණ්ඩුවට අවධාරණය කරන්නේ.

“ඔන්ලයින් සේෆ්ටි කියල ආණ්ඩුව ගැසට් එකක් ගහලා. එමගින් මූලික මූලධර්ම උල්ලංඝනය කරනවා. තොරතුරු තාක්ෂණ සමාගම් ලංකාවට එන එක නතර කරන්න මේ නීතිය හේතුවෙනවා. මේක මේ ක්ෂේත්‍රයේ ආයෝජන වලට මරු පහරක්. මේ ගෝත්‍රික නීතියට අපි විරුද්ධ විය යුතුයි.“

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහාද ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධිවිධාන සැලසීම සඳහාද මෙම පනත් කෙටුම්පත යොදා ගන්නා බව එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

මෙමගින් භාෂණයේ නිදහස උල්ලංඝනය වන බවත් ජනතාවට නිදහසේ අදහස් පළ කිරීමේ මූලික අයිතිය තිබිය යුතු බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

එසේම, මෙම ගැසට් නිවේදනය මගින් ජාත්‍යන්තර සන්නිවේදන සමාගම් නියාමනය කිරීමට ශ්‍රී ලංකාව තුළ කොමිසමක් පිහිටුවීමට යෝජනා කර තිබෙන බව මන්ත්‍රීවරයා අනාවරණය කරයි.

“මේ කොමිසමේ සාමාජිකයින් පත්කරන්නේ ජනාධිපති. මේ කොමිසම විසින් සත්‍ය මොකක්ද? අසත්‍ය මොකක්ද කියල තීරණය කරනවලු. එහෙම කරන්න පුළුවන්ද? ඒක කරන්න බෑ. මේ සමාජ මාධ්‍ය ආයතන මේ කොමිසම කියන විදිහට වැඩ කරන්නේ නෑ. ජනතාවට සන්නිවේදන පහසුකම් දෙන Google, Facebook, YouTube, TikTok, Instagram වැනි ගෝලීය තාක්ෂණික සමාගම් මේ විදිහට ලංකාවේ නියාමනය කරන්න බෑ. එහෙම කළොත් ඒ සමාගම් ශ්‍රී ලංකාවෙන් යාවි.”

ලෝකයේ ක‍ෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන කාලයක මෙවැනි යල් පැනගිය ලිංමැඩි නීති හඳුන්වාදීම මගින් රට තව තවත් ආපස්සට ගමන් කරන බවයි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

මෙම සමාගම් ඔස්සේ ශ්‍රී ලංකාවේ විශාල තරුණ පිරිසක් ආර්ථික කටයුතුවල යෙදෙමින් රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් උපයාදෙන බව අවධාරණය කරණ මන්ත්‍රීවරයා තවදුරටත් පවසන්නේ මෙවැනි නියාමන ක්‍රියාමාර්ග මගින් එවැනි අවස්ථා මෙරට ජනතාවට නැතිවී යා හැකි බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාර්ල්ස් රජුගේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් “Harmony Award 2025” සම්මානයෙන් පිදුම් ලබයි!

සටහන – පුලීජූනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ...

හෙට දකින උළෙලක අදට වඩා වටිනාකමක් දී දැකිය යුතු ප්‍රතිපල

නිශ්මං රණසිංහ ජුනි 16, කොළඹ LNW: මීටර් 400 කඩුලු ඉසව්ව...

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...