චැනල් 4 නාලිකාවෙන් ඇවිස්සුණු පාර්ලිමේන්තුවේ පාස්කු විවාදය අද සහ හෙට!

Date:

කොළඹ LNW:පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී එම විවාදය පැවැත්වීම සඳහා තීරණය කර තිබුණේ.  

මේ අතර මේ වන විට පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමක්ද පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීන් ඊට සහභාගී වී තිබුණි.

චැනල් 4 නාලිකාවේ විකාශය වුණු වාර්තා වැඩසටහන හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ කතා බහ අලුත් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළද යම් ව්‍යාකූල තත්ත්වයක් හට ගෙන ඇති බව පෙනෙන්නට තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ දින කතෝලික සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේ පාර්ලිමේන්තු විවාද පැවැත්වීමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවන බවයි.

මේ වන විට එම පරීක්ෂණ නිසිලෙස ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති අතර මීට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් යළි කැඳවා එම විමර්ශන නැවත ආරම්භ කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ASK

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...