චැනල් 4 නාලිකාවෙන් ඇවිස්සුණු පාර්ලිමේන්තුවේ පාස්කු විවාදය අද සහ හෙට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී එම විවාදය පැවැත්වීම සඳහා තීරණය කර තිබුණේ.  

මේ අතර මේ වන විට පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳ දැනුවත් කිරීමක්ද පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීන් ඊට සහභාගී වී තිබුණි.

චැනල් 4 නාලිකාවේ විකාශය වුණු වාර්තා වැඩසටහන හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රට තුළ කතා බහ අලුත් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළද යම් ව්‍යාකූල තත්ත්වයක් හට ගෙන ඇති බව පෙනෙන්නට තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ දින කතෝලික සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළේ පාර්ලිමේන්තු විවාද පැවැත්වීමෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවන බවයි.

මේ වන විට එම පරීක්ෂණ නිසිලෙස ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැති අතර මීට පෙර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් යළි කැඳවා එම විමර්ශන නැවත ආරම්භ කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ASK

 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...