“2008-2023 යුක්තිය කෝ?” අදත් නිහඬ උද්ඝෝෂණ ව්‍යාපාරයක්!

“2008-2023 යුක්තිය නැතිව වසර 15 යි. අපරාධකරුවන් තවමත් නිදැල්ලේ… නාවික හමුදාවෙන් අතුරුදහන් කල අපේ දරුවන් 11 කෝ?”

යන සටන් පාඨය මුල් කර ගනිමින් නිහඬ උද්ඝෝෂණ ව්‍යාපාර සහ පෙත්සම් ලබාදීම් කිහිපයක් අද (21) දින උදෑසන කොළඹ ස්තාන කිහිපයකදී සිදු කෙරුනි.

එම දරුවන් 11 දෙනා අතුරුදහන් කොට වසර 15ක් ගත වී ඇතත් අතුරුදහන් වූවන්ගේ පවුල් වලට තවමත් යුක්තිය ඉටු වී නොමැති අතර ඒ සදහා මැදිහත්වන ලෙසත් ඉල්ලමින් මෙහි පළමු විරෝධතාවය සහ පෙත්සම බාර දීම කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය අසලදී සිදු කෙරුනි.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව මගින් මෙම නිහඬ විරෝධතා සහ පෙත්සම් ලබා දීම් සංවිධානය කොට තිබුනි.

එම අවස්තාවට සමගාමීව කොළඹ පිහිටි විදේශීය තානාපති කර්‍යාල කිහිපයක් ඉදිරිපිටදී ද මෙසේ නිහඬ විරෝධතාවයන් දැක්වීම සහ එම කර්‍යාල වෙතපෙත්සම් බාර දීමද සිදු කෙරුනි.

මෙම අවස්තාවට අතුරුදහන් වූවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද සහභාගි වී සිටියහ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/600/Silent%20protest%20demanding%20justice%20for%20missing%20persons

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...