*
Wednesday, October 9, 2024
spot_img

Latest Posts

අර්ජුනගේ මැක්කා සහ පිටියේ සේවකයින්

පහතින් තිබෙන්නේ ආසියානු තරගාවලිය සම්බන්ධයෙන් අර්ජුන රණතුංග දැක් වූ අදහස්ය.ඔහු මේ අදහස් ඇතුළත මාධ්‍යයට වහෙන්ඔරෝ කියන්නේ වංචාවක් සිඳු වී ඇති බවත් එය හොයන ලෙසත්ය.දැන් මේ අදහස් සමාජගත වන විට අපට දැනෙන්නේ රටට ලෝක කුසලානයක් දිනා දුන් නායකයෙක්ගේ වේදනාබර හදවතේ දෝංකාරය ය.නමුත් ඉතිහාසයට අදාළ ඒ කතාව මත්තේ නැහෙන්නේ නැතුව අද දවස ගැන සිතුවොත් මේ සියල්ල සෙවීමට නීතියට පැවරීමට අමාත්‍යවරයාට උපදෙස් දිය හැකි තනතුරක ඉහළින්ම සිටින්නේ අර්ජුනය.


අර්ජුනගේ ප්‍රකාශ අනුව ප්‍රධාන වශයෙන්ම සැකය එල්ලවන්නේ ක්‍රිඩාංගණ සේවකයින් ඉන්දියාවට අවශ්‍යය පරිදි පිටිය සකසා දීමක් ගැනය.නමුත් මේ තරගයේදී කාසියේ වාසිය දිනුවේ දසුන් ශානකය.පන්දුවට පහරදීමට තීරණය කළේ දසුන්ය.
කාසිය ඉන්දියාවට වැටුණේනම්……
එසේත් නැත්නම් දසුන් ඉන්දියාවට පන්දුවට පහර දෙන්න කිව්වේනම්….


ඒ නිසා ක්‍රිඩාංගණ සේවකයින් ඇගයීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් අතින් හෝ හිටපු ක්‍රීඩකයින් අතින් හෝ සිඳු නොවන තත්ත්වයක ලෝකයට දැනෙන සේවයක් කරන ඔවුන්ව ඇගයීම අර්ජුනලා නොකිරීම ගැන වන අඩුව වසා ගන්නේ වංචාකාර ලේබලය ඒ කම්කරුවන්ගේ පිටේ ගසාය.හොදටම වැටී කළකිරී කේන්තියෙන් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් මේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන එමින් ක්‍රීඩාංගණය ආරක්ෂා කළ සහ මහත් කැපවීමෙන් එහි තෙත ඉවත් කළ ක්‍රීඩාංගණ සේවකයින් ඇගයීමෙන් ඇහේ ඇණුන කටු ඉවත් කර ගැනීම සඳහා පරාජයේ වියරුව මේ සේවකයින් දෙසට හැරවීම අරජුනගේ උත්සාහය වී ඇත.


මීට පෙර ද විදේශිකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පහළ මට්ටමේ වෘත්තිකයන්ට සැළකුහ.අර්ජුනගේ සමයේ ද එසේය.බඩු භාහිරාදිය ගෙන යාමට අමතරව ඔවුන්ට අතිරේක යමක් දෙන්නට එකල ද අර්ජුනලාට කල්පනා වුණේ නැත.එහෙත් තමන්ගේ බෑග් ඔසවන මිනිසාගේ ඉරණම ඊට වඩා යහපත් කළ යුතුය යන නිගමණයට පිවිසි ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ වැනි සේවකයෙක්ට නිවසද සාදා දුන්හ.ඒ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන්ගේ බෑග් තුළට ශ්‍රී ලංකාව පැරදවිය හැකි යමක් දමා නොවේය.
ත්‍රීරෝද රථ රියදුරෙක්ගේ පුතෙක් විලසට ක්‍රීඩා පිටියට පිවිසි මොහොමඩ් සුරාජ් ට මේ මිනිස්සුගේ දුක දැනෙන්නට ඇත්තේම තමාගේ අතීතය හරහාය.2018 ජාතික කණ්ඩායමට පැමිණි සුරාජ් තවමත් ඒ අමිහිරි මතකවලින් සම්පූර්ණයෙන් මිදි නැත.නමුත් ත්‍රීවිල් පැදවූ ඇතැම් අයද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ක්‍රීඩා කළත් එවැනි මිනිසුන් ගැන දැණෙන දුකක් බැදීමක් හෝ හැඟීමක් නැත.

කොරොනාවලට ගොදුරුව මියගිය මොහොමඩ් සිරාජ් ගේ පියා ඔහු සමඟ


සිරාජ් ජීවිතය ගෙවා ඇත්තේම මේ ජීවිතවලට සමාන වයසේය.ඔහු සිහික දැක්කේම පොත්වල අකුරු අස්සේ නොවේය.වැඩිහිටි දරුවෙක් වූ පසුවත් අම්මාගේ දඬුවම් විඳිමින් ක්‍රිකට් ගහන පුතා රටට ක්‍රීඩා කරන මොහොත ගැන සිහින දකිමින් ආශිර්වාද කළ තාත්තා ඔහු ජාතික කණ්ඩායමේ සාමාජිකත්වය ලැබ ටික කලකින් ජීවිතයෙන් නික්ම යන්නේය.මොහොමඩ් සිරාජ්ට තමන්ගේ තාත්තා මෙන්ම නිවාස පරිසරය ද සමහර විට මේ මිනිස්සු තුළ පෙනෙන්නට ඇත.සැබවින්ම හිත උණුව ඒ දේ දෙන්නට ඇත.
නමුත් අර්ජුන හොඳක් සේ හොඳ දකිනු වෙනුවට එයින් තමාගේ හොඳ යටපත් වේය කියන සැකයෙන් සහ අකමැත්තෙන් අදහස් දක්වන්නෙක්ය.තවත අයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තුළ කීර්තිය බෙදී යනවාට අකමැති හිතෙන තරමට ක්‍රිකට් සමඟ කහටක් ඇති අයෙක් ද?
අර්ජුන දන්න ඉන්දියාවේ ක්‍රිකට් ලොක්කන්ගෙ ප්‍රශ්න ඇති.ලංකාවෙ ක්‍රිකට්වල අර්ජුනට අනුව ගත්තම එයා නැති එක තමයි විශාලම ප්‍රශ්නය.ලංකාවට 96 ලොක කුසලානය ගෙනාවෙ අර්ජුන විතරක් නෙමෙයි.වට්මෝර් ගෙනාව,පරිපාලනය හරියට සකස් කරපු ආනා පුංචිහේවා කරපු සැළසුම් ද ඊට අදාළයි.ඒ නිසා මම තමයි එකම කෙනා කියන එක වැරදියි.සමහර විට ඉන්න අය හරි නැහැ කියන එක හරි ගියත් මමයි එකම කෙනා කියන එකනම් පිළිගන්න බැරි තර්කයක් නෙමෙයි.
එහෙම තියෙද්දි තමන්ගෙ ඇරියස් ඇරගන්න ලංකාවේ ක්‍රිකට්වලට ඉන්දියාවට හේත්තු කරලා තඩිබාන්න අර පිට්ටනියේ අව්ව වැස්ස නැතුව වේලෙන,මහන්සි වෙන,කැපවෙන අහිංසක මිනිස්සුන්ව සැකේට භාජනය කරන එකනම් හිරිකිත වැඩක්.ඒ තරගය බැලුවමත් පේන දෙයක් ඒ තණතිල්ලෙ කරපු දෙයක ස්වභාවය මාරුවෙන්න වෙලාවක් තිබුණෙ නැහැ කියන එක.දසුන් දිනපු කාසියේ වාසිය එක්ක ගත්තු තීරණ නිසා එහෙම වුණා කිව්වනම් හරි.ඒත් ඒ කිසි දේකට සම්බන්ධ නොවී ලෝකයේම ගෞරවයට පාත්‍ර වෙමින් පිටිය ආරක්ෂා කරලා දීලා,වේලලා දීලා ක්‍රිකට් තරගය පවත්වන්න ඉඩ හදා දුන්න උන්ව අහළ පහළ අයට මුහුණ දෙන්න බැරි තත්ත්වයට පත් කරන එක කැත වැඩක්.අර්ජුනට ඒ මිනිස්සුන්ගේ දරුවන්ගෙ ආත්ම ගෞරවය වටින්නෙ නැති වුණාට ඒ දරුවන්ට තමන්ගේ අම්මා තාත්තාව සමාජයේ ඉස්සරහ ආඩම්බරෙන් ඇවිදිනවා දකින්න ආසාවත් තියෙනවා.
ඒ නිසා අර්ජුන කරපු කතාව අපි පහළින් දාන්නෙ අර්ජන කොහොම හරි දිනුමක් වුණත් පැරදුණත් වුණත් ඉතාම දක්ෂ විසිහට ඒකට තමන්ගේ මැක්කා සම්බන්ධ කරලා දූෂණයක් වංචාවක් කියලා කතා නිර්මාණය කරන්න දක්ෂ බව තව හොඳින් තේරුම් ගන්නයි.


අර්ජුන රණතුංග ගේ කතාව
මටත් කුතුහලයන් කිහිපයක් ආවා. දැන් ඉන්දියාවේ ලේකම්තුමා තමයි ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති. බෝලයක්වත් ගහපු එකෙක් නෙමෙයි. හැබැයි පසුගිය තරගාවලියට එයා ඇවිල්ලා අපේ ක්‍රීඩාංගණයේ හිටපු සේවකයින්ට… ඔවුන් විශාල සේවයක් කරනවා. ඒක අද ඊයේ කරපු සේවයක් නෙමෙයි. අපි ක්‍රීඩා කරන කාලයෙත් ඔය ක්‍රීඩාංගණය විනාඩි 2න් 3න් වහනවා.”

“මම හිතන්නේ ඒ දක්ෂතාවය මේ ලෝකයේ කිසිම රටක නැහැ. ඒක තමයි කැපවීම. ඉන්දියානු සංචාර මේ රටට ආවා. තවත් සංචාර තිබුණා. වැස්සෙන් සමහර තරග සේදිලා ගියත් සමහර තරග ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. මේ සේවකයෝ හින්දා. හැබැයි කවදාවත් කිසිම කෙනෙක් මුදලක් දුන්නේ නැහැ.”

“ආසියානු ක්‍රිකට් සභාපතිවරයා.. ඉන්දියාවේ ලේකම්වරයා ඩොලර් 50,000 දෙනවා මේ සේවයින්ට දෙන්න කියලා. මම නම් හරි කැමතියි ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන මේ සල්ලි කාට හරි දෙනවා නම් හොරකම් කරන්නේ නැතුව. හැබැයි ඒ වගේම අනිත් පැත්තෙන් අවසන් තරගයේ වීරයා එයත් දෙනවා එයාට ලැබුණු තෑග්ග මේ සේවකයින්ට.”

“මෙතෙක් කල් මේ සේවකයෝ හැමදාම සේවය කරලා තියෙනවා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්වත් වැඩිපුර මුදලක් ගෙව්වේ නැහැ. ඒ වගේම තරග නීති මාරු කරනවා.. තරගාවලිය ඇතුළත. අපේ හිටපු කණ්ඩායම්වල එක ක්‍රීඩකයෙක්වත්, ලෝකයේ එක ක්‍රීඩකයෙක්වත් කථා කරන්නේ නැහැ… මේක වැරදි කියලා.”

“මොකක් හරි වාසනාවකට අපට අවසාන තරගාවලියට එන්න පුළුවන් වුණා. හැබැයි අපි හරියට බැලුවා නම් ඉන්දියානු පාකිස්තාන තරගය පළවෙනි දවසේ වැස්ස නැවතුනා නම් අපිට ගහන්න වෙන්නේ පාකිස්තානයත් එක්ක අවසාන තරගය. එහෙම වුණා නම් අපිට ඊට වඩා ලේසියෙන් ඔය තරගය දින්න පුළුවන්.”

“මෙන්න මේවා ගැන තමයි අපි හොයන්න ඕනේ. මම මේ ප්‍රශ්නාර්ථ ලකුණ මාධ්‍යට දෙනවා.. හොයලා ගන්න කියලා. මොකද නැත්නම් මමනේ හැමදාම වැරදිකාරයා වෙන්නේ.”

“මම දැක්කා ඊයේ පෙරේදා දිගටම මේ ක්‍රීඩකයින්ට බනිනවා. නායකයාට බනිනවා. කාසියේ වාසියට බනිනවා. හැබැයි කවුරුත් තණ තිල්ල හදපු අයට බනින්නේ නැහැ. තණ තිල්ලේ වෙච්ච දේවල්වලට බනින්නේ නැහැ. නීති වෙනස් කරයි කියලා මොකුත් කියන්නේ නැහැ. හැබැයි අර තමන්ගේ ජීවිතේ ක්‍රිකට් ක්‍රීඩාවට මහන්සි වෙන ක්‍රීඩකයෝ… මම කියන්නේ නැහැ මේ ක්‍රීඩකයෝ කරන දේවල් හරි කියලා. ක්‍රීඩකයින්ගේ අඩුපාඩු තියෙනවා. මම දන්නවා විනය ප්‍රශ්න තියෙනවා. කැපවීම් ප්‍රශ්න තියෙනවා. ඒවා හදාගන්න දැනගන්න ඕනේ.”

“අපිට ඉන්න දක්ෂ දරුවෝ ටික විසි කරන එකේ නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඒ දරුවෝ ටික හරියට හදාගන්න. මම තාත්තා කෙනෙක් හැටියට මම දන්නවා මගේ දරුවා වැරැද්දක් කරනවා නම් අපි ගහලා හරි දරුවා හදාගන්න ඕනේ. බැනලා හදාගන්න ඕනේ.”

“පුෂ්පා කියයි,වාස් කියයි. මම මේගොල්ලන්ට කොච්චර බැනලා තියෙනවාද ? බැන්නේ තරහකට නෙමෙයි හදාගන්න. අද වෙනකොට ඇයි එක ක්‍රීඩකයෙක්වත් කථා කරලා කියන්නේ නැත්තේ ආසියානු කුසලානයේදී මැදදි ඇයි නීති වෙනස් කළේ කියලා. ඉන්දයාව බලවත් කියනවා. ඉන්දියාව බලවත් කියලා අපිට අපේ රට පාවලා දෙන්න බැහැනේ.”

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan