න්‍යෂ්ටික නිරායුධකරණය ගැන විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැහැදිලි කරයි.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා කියා සිටියේය.

1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට ( CTBT) අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් සඳහන් කළ අලි සබ්‍රි මහතා මහනුවර පල්ලේකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බවද කියා සිටී.

සම්මුතිය බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඇගයීමට ලක්විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අසත්‍ය කරුණු නිවැරදි කිරීමට මෙම උත්සාහය දරමු.

ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරශාස්ත්‍රපති මහින්ද ද ලැනරෝල් ආනන්ද මහා විද්‍යාලයයට සම්බන්ධ...

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...